දේශීය

හම්බන්තොට විදුලි විසන්ධිය නතර කිරීමට පියවර

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලි බිඳවැටීම් සහ විදුලි අවශ්‍යතාව උපරිම වන අවස්ථා වලදී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සඳහා විදුලිය ගබඩා කර තබාගැනීමේ පද්ධතියක් ස්ථාපනය කිරීම ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කොරියානු ජනරජය සමඟ අත්සන් තබා ඇති ප්‍රදාන ආධාර සම්මුතිය යටතේ මෙගාවොට් 05ක ධාරිතාවයකින් යුත් මෙගාවොට් පැය 8ක් සඳහා වන විදුලි ගබඩා පද්ධතියක් ස්ථාපනය කිරීම වෙනුවෙන් අදාළ ගිවිසුම් අත්සන් කිරීම සඳහා විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 11.9 ක් ලබාදීමට කොරියානු රජය එකඟතාවය පළ කර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

අදාළ කැබිනට් නිවේදනය පහතින්,

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

18 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

18 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago