රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වාර්තමාන ආණ්ඩුවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කිසිදු සැලැස්මක් නැති බවත් එදා වේල පිරිමහා ගැනීමට, කොහෙන් හෝ කීයක් හරි හොයාගැනීමේ අදහසින් පමණක් කටයුතු කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
කුමන හෝ ආකාරයට ණය ගෙන ලබාගත් ණය වියදම් කිරීම පමණක් ආණ්ඩුව සිදු කරන බවයි එතුමා පෙන්වා දෙන්නේ.
ඉන්දියාවෙන් ගත් බිලියන තුනක මුදල මේ වන විට ඉවර වී ඇති බැවින් දැන් අයි.එම්.එෆ් අරමුදලේ බිලයන 2.9 එනකම් බලා සිටින බවත් එහෙත් ඒ සඳහා තවත් වසර ගණනාවක් ගතවන බවත් එතුමා ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා නිදහස් උත්සව පවත්වමින් විදෙස් සංචාර සඳහා සහභාගිවෙමින් රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා තැබීම පමණක් සිදු කරන බවයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…