උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුව අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය එකඟ නොවූ බව විදුලිබල මණ්ඩලයේ සභපති නලින්ද ඉලංගකෝන් පවසා ඇති බව වාර්තා වෙනවා.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ දී විදුලි කප්පාදුව අත්හිටුවනවා නම් ඉන්ධන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 410 ක් අවශ්‍යය වන බැවින් විදුලි කප්පාදුව අත්හිටුවීමට එකඟ නොවූ බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
විභාගය පැවැත්වෙන දහාවල් කාලයේ විදුලි කප්පාදුවක් නොකරන අතර රාත්‍රී කාලයේ දී විදුලි කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක බව ඔහු ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙනවා.
උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුව අත්හිටුවීමට කොන්දේසි කිහිපයකට යටත්ව ලංකා විදුලිබල මණ්ඩලය එකඟ වූ බව මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ (25) ප්‍රකාශ කර තිබුණා.
ඇතිකරගත් එකඟතාවයට අනුව කටයුතු නොකළහොත් අධිකරණය හමුවට යන බව මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…