දේශීය

නානුඔය කෙටි මාර්ගයේ බර වාහන තහනම් කෙරේ

නානුඔය කෙටි මාර්ගයේ තාවකාලිකව බර වාහන ධාවනය තහනම් කර තිබෙනවා.

පොලිසිය විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා මෙම නියෝගය පනවා තිබෙනවා.

අධික බෑවුම් සහිත පටු මාර්ගයක් වන නුවරඑළිය – හැටන්, නානුඔය කෙටි මාර්ගයේ ගමන් කිරීම නිසා කොළඹ ත්‍රස්ටන් විද්‍යාලයේ සිසු දරුවන් රැගත් බස් රථයක් ඊයේ (20) අනතුරකට ලක්වුණා. අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම සිදුවීමත් මීට පෙරදී නානුඔය කෙටි මාර්ගයේ මාරාන්තික අනතුරු රැසක් සිදුව තිබීම හේතුවෙන් නානුඔය කෙටි මාර්ගයේ බර වාහන ධාවනය අද (21) සිට තාවකාලිකව තහනම් කර ඇති බව වාර්තා වෙනවා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago