සමෘද්ධි ලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02 ක් සඳහා සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක කලයක් සඳහා ලබාදීමට ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මේ සඳහා සහල් මෙට්‍රික් ටොන් 40,000ක් අවශ්‍ය වන අතර ඒ සඳහා රජය වී මෙට්‍රික් ටොන් 61,600 ක් මිලදී ගත යුතු වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
මෙම වැඩසටහන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සහය ඇතිව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රදේශිය ලේකම්වරු හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 6,200ක්, වී වියළීම සඳහා රුපියල් මිලියන 290ක්, කෙටුම් කුලිය සඳහා රුපියල් මිලියන 590ක්, ඇසුරුම් පිරිවැය සඳහා රුපියල් මිලියන 200ක්, වී මෝල් හිමියන් සඳහා අමතර ගෙවීම් ලෙස රුපියල් මිලියන 160ක්, සහල් ප්‍රවාහන පිරිවැය ලෙස රුපියල් මිලියන 600ක් ලෙස රුපියල් මිලියන 8,040ක් මේ සඳහා අස්තමේන්තුගත කර තිබෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…