Tuesday, September 8, 2026
Homeදේශීයඅඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10 බැගින් මාස 2ක්

අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10 බැගින් මාස 2ක්

සමෘද්ධි ලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02 ක් සඳහා සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක කලයක් සඳහා ලබාදීමට ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ සඳහා සහල් මෙට්‍රික් ටොන් 40,000ක් අවශ්‍ය වන අතර ඒ සඳහා රජය වී මෙට්‍රික් ටොන් 61,600 ක් මිලදී ගත යුතු වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

මෙම වැඩසටහන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සහය ඇතිව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රදේශිය ලේකම්වරු හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 6,200ක්, වී වියළීම සඳහා රුපියල් මිලියන 290ක්, කෙටුම් කුලිය සඳහා රුපියල් මිලියන 590ක්, ඇසුරුම් පිරිවැය සඳහා රුපියල් මිලියන 200ක්, වී මෝල් හිමියන් සඳහා අමතර ගෙවීම් ලෙස රුපියල් මිලියන 160ක්, සහල් ප්‍රවාහන පිරිවැය ලෙස රුපියල් මිලියන 600ක් ලෙස රුපියල් මිලියන 8,040ක් මේ සඳහා අස්තමේන්තුගත කර තිබෙනවා.

READ:   ඔස්ට්‍රියාවෙන් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්