ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවති දෙවන එක්දින තරඟය කඩුලු 04 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.
තරඟයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39.4 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 215 ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සිය මංගල එක්දින තරඟයට ක්‍රීඩා කළ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 63 කදී ලකුණු 50 ක් රැස් කළා.
කුසල් මෙන්ඩිස් ලකුණු -34 , අවිශ්ක ප්‍රනාන්දු ලකුණු – 20 ක් වශයෙන් ලබාගත්තා.
ලකුණු 216 ක ජයග්‍රහී ඉලක්කයක් හබා ගිය ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක් දැවී 43 වන පන්දුවාරයේදී සිය ඉලක්කය පසුකර ගියා.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ කේ.ඒ .රාහුල් ඉන්දියාව ජයග්‍රාහණය වෙත ගෙන යමින් ලකුණු 64 ක් රැස් කළා.
මෙම ජයග්‍රාහණය සමඟ තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා ඉන්දියා එක්දින තරඟාවලිය, තවත් තරඟයක් ඉතිරිව තිබියදී ජයගැනීමට ඉන්දියාව අද (12) සමත් වුණා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…