ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවති දෙවන එක්දින තරඟය කඩුලු 04 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.
තරඟයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39.4 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 215 ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සිය මංගල එක්දින තරඟයට ක්‍රීඩා කළ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 63 කදී ලකුණු 50 ක් රැස් කළා.
කුසල් මෙන්ඩිස් ලකුණු -34 , අවිශ්ක ප්‍රනාන්දු ලකුණු – 20 ක් වශයෙන් ලබාගත්තා.
ලකුණු 216 ක ජයග්‍රහී ඉලක්කයක් හබා ගිය ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක් දැවී 43 වන පන්දුවාරයේදී සිය ඉලක්කය පසුකර ගියා.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ කේ.ඒ .රාහුල් ඉන්දියාව ජයග්‍රාහණය වෙත ගෙන යමින් ලකුණු 64 ක් රැස් කළා.
මෙම ජයග්‍රාහණය සමඟ තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා ඉන්දියා එක්දින තරඟාවලිය, තවත් තරඟයක් ඉතිරිව තිබියදී ජයගැනීමට ඉන්දියාව අද (12) සමත් වුණා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…