Monday, July 27, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව පරදා ඉන්දියාව තරඟාවලිය ජය ගනී

ශ්‍රී ලංකාව පරදා ඉන්දියාව තරඟාවලිය ජය ගනී

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවති දෙවන එක්දින තරඟය කඩුලු 04 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

තරඟයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39.4 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 215 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සිය මංගල එක්දින තරඟයට ක්‍රීඩා කළ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 63 කදී ලකුණු 50 ක් රැස් කළා.

කුසල් මෙන්ඩිස් ලකුණු -34 , අවිශ්ක ප්‍රනාන්දු ලකුණු – 20 ක් වශයෙන් ලබාගත්තා.

ලකුණු 216 ක ජයග්‍රහී ඉලක්කයක් හබා ගිය ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක් දැවී 43 වන පන්දුවාරයේදී සිය ඉලක්කය පසුකර ගියා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ කේ.ඒ .රාහුල් ඉන්දියාව ජයග්‍රාහණය වෙත ගෙන යමින් ලකුණු 64 ක් රැස් කළා.

මෙම ජයග්‍රාහණය සමඟ තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා ඉන්දියා එක්දින තරඟාවලිය, තවත් තරඟයක් ඉතිරිව තිබියදී ජයගැනීමට ඉන්දියාව අද (12) සමත් වුණා.

READ:   පා.ම. අමරකීර්ති අතුකෝරලගේ මරණය සම්බන්ධ සැකකරුවන් 32ක් යළි රිමාන්ඩ්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්