Sunday, July 26, 2026
Homeක්‍රීඩාලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තවත් තරග දෙකක් අද

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තවත් තරග දෙකක් අද

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා පැවැත්වෙන තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරග දෙකක් අද (20) පැවැත්වෙනවා.

ඉන් පළමු තරගය සත්කාරක සිම්බාබ්වේ සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර පැවැත්වේ.

සිම්බාබ්වේ මුහුණ දෙන දෙවන තරගය මෙය වන අතර නේපාලයය එරෙහි පළමු තරගය කඩුලු 08 කින් ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

දෙවන තරගය නේපාලය සහ අමෙරිකා කණ්ඩායම් අතර දෙවන තරගය අද පැවැත්වේ.

නේපාල කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම හමුවේත් අමෙරිකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේත් පළමු තරගයන් පරාජයට පත් වුණා.

අද පැවැත්වෙන මෙම තරග දෙක මෙරට වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතයි.

READ:   චාල්ස් කුමරු, තුන්වන චාල්ස් රජු ලෙස නිල වශයෙන් පත් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්