දේශීය

උසස් පෙළ විභාගය අවුල් කරන අපරාධය කරන්නෙපා – අගමැති

පාසැල් දරුවන් තුන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් පෙනි සිටින උසස්පෙළ විභාගය අවුල් කිරීමට කිසිවෙකුට ඉඩ ලබා නොදිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

සියලු විභාගයන් ප්‍රදේශීයව අවහිරයක් නැතුව පවත්වා ගෙන යෑමට දිසාපතිවරු අවදියෙන් සිටිය යුතු බව එතුමා පෙන්වා දෙනවා.

අගමැතිවරයා ද්ස්ත්‍රීක් ලේකම්වරු සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මෙලෙස අදහස් දක්වා සිටියා..

නොබෝ දිනකින් අපේ උසස්පෙළ විභාගය තිබෙනවා. කිසිම විභාගයක් ප්‍රාදේශීයව අවහිර නොවී පවත්වාගෙන යාම පිළිබඳව දිසාපතිවරුන් අවදියෙන් සිටිය යුතුයි. ඔබතුමාලට අයිති නැහැ විභාග කොමසාරිස්ටයි අයිතිකියලා ඉන්න බැහැ. විභාග කොමසාරිස් සමග දුරකථනයෙන් සම්බන්ධ වෙලා සාකච්ඡා කරලා හෝ ඒ පිළිබඳ කටයුතු කරන්න. විභාගය අවුල් කරන්න කිසිවෙකුට ඉඩ තියන්න එපා. ගුරුවරු දහස් ගණනක් එහි සේවාවට අනුයුක්ත කර තිබෙනවා. විභාග තියෙන්නෙ මේ මාසේ සිට එන මාසේ තුන්වැනි සතිය දක්වා. ඔබේ දරුවෝත් ඉන්න පුළුවන්. ජනතාවගේ දරුවෝ ලක්ෂ ගණනක් මේ විභාගයට පෙනී සිටිනවා. මේ වාරය කඩාකප්පල් වුනොත් තව අවුරුද්දකට විශ්වවිද්‍යාලයට යන්න බැහැ. ඒ අපරාධයට හවුල් වෙන්න එපා. ප්‍රශ්ණයක් තියේ නම් අපිට වාර්තා කරන්න. අපේ දරුවන් වෙනුවෙන් මේ විභාගය තියෙන්නෙ දැනටමත් ප්‍රමාද වෙලා. ඒ අයගේ ඉල්ලීම නිසයි ප්‍රමාද කළේ. අපේ රජය ගුරුවරුන්ගේ වැටුප් වර්ධක අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදීලා තියෙනවා. උහුලන්නට බැරි බරක් වුනත් අවුරුදු ගණනාවකට පස්සේ අපි එය ලබා දුන්නා. අපි අධ්‍යාපන සේවයට අවශ්‍ය මූලික ඉල්ලීම් ඉෂ්ට කරලා නැහැ කියලා ඒ කිසිම කෙනෙක්ට කියන්න බැහැ.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago