Tuesday, July 28, 2026
Homeදේශීයඅසත්‍ය පුවතක් ගැන ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

අසත්‍ය පුවතක් ගැන ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

මෙරට වන ආවරණය 16% ක් දක්වා අඩුවී ඇති බවට පළ වන පුවත අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

වසර 5 කට වරක් සිදු කරන වන ආවරණ තක්සේරුවට අදාළව – 2015 වර්ෂයේ සිදුකළ අවසන් වන සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ස්බාවික වනාන්තර ප්‍රමාණය මුළු භූමි ප්‍රමාණයෙන් 29.15 %ක් (හෙක්ටයාර් 1,912,970 ) බව වන සංරක්ෂණ ජනරාල් කේ.එම්.ඒ බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.

රට තළ ක්‍රියාත්මක සංවර්ධන කටයුතු සහ මානව ක්‍රියාකාරකම් නිසා ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රමාණය යම් මට්ටමකට අඩුවීමක් සිදුව ඇතත් මාධ්‍ය වාර්තා පළ කරන ආකාරයට 16% ක් දක්වා මෙරට වන ගහනය අඩුව නැති බව ඒ මහතා අවධාරණය කර සිටිනවා.

මෙරට වන ආවරණය පිළිබඳව පළ වන අසත්‍ය පුවත සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

READ:   ජනපති සහ IMF නියෝජතයන් අතර විශේෂ හමුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්