චීන රජය විසින් මෙරට ගොවීන් සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98 ක් අද (09) සිට ගොවි ජනතාවට නොමිලේ බෙදාහැරීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කළ ඉල්ලීමකට අනුව චීන රජය විසින් ඩීසල් ලීටර් මිලියන 10.6 ක් මෙරට ගොවි හා ධීවර ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර ඇති අතර ඉන් ඩීසල් ලීටර් 6.98 ක් ගොවි ජනතාව වෙනුවෙන් සහ ඉතිරි ඩීසල් ප්‍රමාණය ධීවර ජනතාව වෙනුවෙන් අද සිට බෙදා හැරීමට නියමිතයි.
ගොවීන්ට අස්වනු නෙලීම සඳහා හෙක්ටයාරයකට ඩීසල් ලීටර 15 ක්, හෙක්ටයාර 02 ක් සඳහා ඩීසල් ලීටර් 30 ක් වශයෙන් මෙම ඉන්ධන තොගය විශේෂ වවුචරයක් මගින් ඔන්ලයින් ක්‍රමයට බෙදා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.


