මේ පුංචි කවුළුව ආප්ප කඩයක්
විශේෂත්වය තමයි මේ ආප්ප කඩවල ස්වරූපය. කඩේ කියන්නෙ තාප්පෙක තිබෙන පුංචි කවුළුවක්. ඒකෙන් තමයි ආප්ප විකුණන්නෙ. මේක පරම්පරා දෙකක්, තුනක් පැරණි ව්‍යාපාරයක්. ඉස්සර මේ වීදියේ මෙවැනි ආප්ප කඩ 13ක් තිබුණාලු. කාන්තාවන් තමයි ඒවායෙ ආප්ප හැදුවෙ. දැන් ඉතිරි වෙලා තිබෙන්නේ එක් කඩයක් පමණයි.
පේදුරුතුඩුවේ ඔඩක්කරයි කියන නගරයේ වෙළඳපොළ අසල තියෙන පැරණි පටු මාර්ගයක්. ඒ පාර ප්‍රසිද්ධයි පේදුරුතුඩුවේ ආප්පවලට. පේදුරුතුඩුව වඩේ කියන්නෙත් තවත් ඒ ප්‍රදේශයට අනන්‍ය කැවිල්ලක්.
පේදුරුතුඩුව ආප්ප හදන්නෙ පිපීම සඳහා තල් රා යොදලායි. ආප්ප හදන්නෙ රතු කැකුළු හාල් පිටිවලින්. ඒවා හදන්නෙ ‘උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැද්දෙ සවුන්දර’ කියලා සිංහල ප්‍රහේලිකාවක කියන පැරණි ආප්ප හදන ක්‍රමයට. ඒ ක්‍රමයට ආප්ප හදන්නේ ලොකු ආප්ප තාච්චියක. තාච්චියට ආප්පෙ වක්කරලා ගිනි කබලකින් උඩිනුත් වහනවා. ඒ ක්‍රමේට හදන ආප්ප වෙනස් රසයකින් යුක්තයි. පරම්පරා කීපයකට උඩදි සිංහල ගැමි කාන්තාවනුත් මේ ක්‍රමයට ආප්ප පිසුවා.
ආප්ප ඕනැ නගරයක තිබෙනවා ඒ වුණාට ඒවා හදන්නෙ පාන් පිටිවලින්, යීස්ට් දාලා. සමහරු කියනවා ආප්ප වාටිය ශක්තිමත් වෙන්න ප්ලාස්ටර් ඔෆ් පැරිසුත් දානවා කියලා.
පේදුරුතුඩු ආප්ප කිරි ආප්ප හෝ සුදු ආප්ප ලෙස විකුණනවා. කිරි ආප්පවල මැද්දට පොල් කිරි හා සීනි යොදලා. සුදු ආප්ප කන්නේ පොල් සම්බෝල හෝ වම්බටු වෑංජනයක් එක්ක.
පේදුරුතුඩුවෙ ආප්ප රස වගේ ම ගුණයි කියලාත් විශ්වාසයක් තියෙන නිසා ලෙඩුන්ට, ළමයින්ට දෙන්නත් ආප්ප ගන්න ඉස්සර මිනිසුන් මෙහි ඇවිත් තිබෙනවා. සංචාරකයිනුත් මේ ආප්ප කන්න එනවාලු. යාපනේ, පේදුරුතුඩුව පැත්තෙ ගියොත් රස බලන්න පුලුවන් වෙයි..
උපුටා ගැනීමකි.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…