දේශීය

ශ්‍රී ලංකා ඉන්දියා සටන අද

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟාවලිය ආරම්භකරමින් පළමු විස්සයි විස්ස තරඟය අද (03) පැවැත්වීමට නියමිතයි.

දසුන් ශානක නයකත්වය දරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වසරේ පළමු තරඟය මෙය වන අතර කණ්ඩායමේ උපනායකත්වයට වනිඳු හසරංග පත්වීමෙන් පසුව පැවැත්වෙන පළමු තරඟය ද මෙය වෙනවා.

නායක රෝහිත් ශර්මා, විරාත් කෝලි ඇතුළු ඉන්දියානු කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් කිහිපදෙනෙකුම අද තරඟයට එක් නොවන බව ඉන්දියාව පවසනවා. ඉන්දියානු කණ්ඩායමේ අද නායකත්වය හර්ඩික් පාන්ඩ්‍යාට හිමිව තිබෙනවා.

තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වර 07.00ට මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

5 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

5 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago