දේශීය

මිහින්තලයේ කැණීම් වලදී පුරාවස්තූන් රැසක් හමුවේ

මිහින්තලේ මරදන්කුලම, පුවරසන්කුලම(ශ්‍රමදාන මාවත) අනුලාතිස ස්තූපයේ සිදු කළ කැණීම් වලදී ඓතිහාසික වටිනාකමින් යුත් පුරාවස්තූන් රැසක් හමුවී තිබෙනවා.

බොහෝ කාලයක් කිසිවකුගේ අවධානයට ලක් නොවුණු මිහින්තලේ අනුලාතිස ස්තූපය ඇතුළු එම පූජා භූමියේ කැණීම් කටයුතු සිදු කර සංරක්ෂණය කිරීම සඳහා විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ අවධානය යොමුව ඇති බව රජයේ මාධ්‍ය අංශය වාර්තා කරනවා.

මෙම ඓතිහාසික පූජා භූමියේ සිදු කරන ලද කැණීම් වලදි පසුගිය 25 වන දා පුරාවස්තූන් රැසක් හමුවී තිබෙනවා.

මීට ඉහත දී පළිඟු කරඩුවක කොටස් ද, ශිලා මංජුසාවක් ද, විවිධ ප්‍රමාණයේ, වර්ගයේ විවිධ වර්ණ‌යෙන් යුත් විවිධ හැඩයෙන් යුත් පබළු වර්ගද හමුව ඇති අතර මේ වන විට ස්තූපයේ අවසන් අදියරේ කැණීම් කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

මිහින්තලය අනුලාතිස ස්තූපයේ ගර්භයේ අනවසර කැණීම් කරුවන් විසින් හාරා විනාශ කර දමා තිබූ අතුරු ගර්භ කුටීර තුළ තිබී පසුගිය 23 වන දින මැටි මංජුසාවක් හමුව ඇති අතර එම මැටි මංජුසාව තුළ තිබී ලෝහමය ආභරණ පබලු වර්ග සහ අස්ථි කොටස් (සමහර විට රහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ) යන පුරාවස්තූන් රැසක් හමුවූ බව රජයේ මධ්‍ය අංශය වාර්තා කරනවා.

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

1 day ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

1 day ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

7 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago