Thursday, September 10, 2026
Homeදේශීයවැරදි තොරතුරු වලින් රට ගිය අයගේ ගැටලු සඳහා මැදිහත් විය නොහැකියි -...

වැරදි තොරතුරු වලින් රට ගිය අයගේ ගැටලු සඳහා මැදිහත් විය නොහැකියි – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

අසත්‍ය තොරතුරු භාවිත කරමින් විදෙස්ගතවී සිදු වන අකටයුතුකම් සම්බන්ධයෙන් මැදිහත් විය නොහැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතා පවසනවා.

සංචාරක හෝ උසස් අධ්‍යාපන වීසා භාවිත කරමින් මෙරටින් පිටත්ව ඇතැමුන් විදෙස් රට වල පූර්ණ කාලීන රැකියා වල නිරත වන බවත් එවැනි රැකියා සම්බන්ධයෙන් ඇති වන නීතිමය ගැටලු වලට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මැදිහත් විය නොහැකි බව එතුමා අවධාරණය කර සිටිනවා.

සංචාරක හෝ අධ්‍යාපන වීසා සම්බන්ධයෙන් නීතිමය බැදීමක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නොමැති බවයි එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

READ:   BREAKING NEWS: සියලු පක්ෂ නායකයන් එකඟ නම් 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කළ හැකියි! - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්