Friday, April 24, 2026
Homeදේශීයවසන්ත මුදලීගේ යළි රක්ෂිත බන්ධනාගාරයට (VIDEO)

වසන්ත මුදලීගේ යළි රක්ෂිත බන්ධනාගාරයට (VIDEO)

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ 2023 ජනවාරි මස 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ඒ ඔහු අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වසන්ත මුදලීගේ ඊයේ (12) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණා.

මේ පිළිබඳ සම්පූර්ණ විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   යළි අමාත්‍යධූරයක් භාරගැනීමට සූදානම් - ධම්මික පෙරේරා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්