ගතවු පැය 24 ක කාල සීමාව තුල යුක්තිය මෙහෙයුම යටතේ සිදුකරන ලද මෙහෙයුම් වලදී සැකකරුවන් 1,468 දෙනෙකු අපරාධ අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පසුගියදා අපරාධ අංශ වලට යොමු කළ දිවයින පුරා සිටි සැකකරුවන් 42,248 දෙනාගේ ලැයිස්තුවට අදාළව යි.
ඒ අනුව,
- විෂ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 4,088 දෙනා අතරින් සැකකරුවන් 254 දෙනෙකු.
- විෂ මත්ද්‍රව්‍ය නොවන වෙනත් වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කරතිබු සැකකරුවන් 31,417 දෙනා අතරින් සැකකරුවන් 942 දෙනෙකු.
- ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 4,258 අතරින් සැකකරුවන් 123 දෙනෙකු.
- 2022 සහ 2023 වර්ෂ වලට අදාළව බල අපරාධ සම්බන්ධයෙන් හදුනාගෙන මෙතෙක් අත්අඩංගුවට නොගත් සැකකරුවන් 2,485 දෙනෙකු අතරින් සැකකරුවන් 149 දෙනෙකු.
වශයෙන් අපරාධ අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


