නැගෙනහිර පළාතේ ගත වූ දින කිහිපය තුල පැවැති අධික සීතල කාළගුණය හේතුවෙන් ගවයන් මිය යාම සම්බන්ධව පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය යොමුව තිබේ.
මෙම තත්වයෙන් එම සතුන් බේරා ගැනීම සදහා කඩිනමින් අදාළ ගොවියන් දැනුවත් කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂකවරයාට නියෝග කළාය.
එම සතුන් වනාන්තරවල කිසිදු අවම පහසුකමක්වත් නොමැතිව නිදැල්ලේ හිදිමට සැලැස්වීම නිසා මෙම තත්වය උද්ගතවී තිබේ. එහෙයින් එම සතුන්ට අවශ්‍ය ආහාර සහ ජලය ප්‍රමාණවත්ව ලබා දී ගාල් කර එම ගාල් අවට සතුන් උණුසුම් කිරිම සදහා අවශ්‍ය ගිනිමැල සැකසීමට පියවර ගන්නා ලෙස ගොවීන් දැනුවත් කරන ලෙසද ආණ්ඩුකාරවරිය පළාත් අධ්‍යක්ෂකවරයාට දැනුම් දුන්නාය.
දැනට පළාත් සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තු වාර්ථා අනුව නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් ගවයින් 256 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වී තිබේ. ඊට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්යේ ගවයින් 210 ක් සහ අම්පාර දිස්ත්‍රික්යේ ගවයින් 16 දෙනෙකු ගත වූ දිනයන් තුල පැවැති මෙම අධික සීතල කාලගුණය හේතුවෙන් මිය ගොස් ඇත.
කෙසේ වෙතත් මේ වන විට එම අධික සීතල කාලගුණ තත්වය අවසන් වී ඇති බැවින් එම සතුන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට ගොවීන්ට හැකියාව ලැබී ඇති බවද සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
තත්වය එසේ වුවද මින් ඉදිරියට එම සතුන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදී නිදැල්ලේ ඇරීමට ඉඩ සලස්වන ගොවීන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරිමට අවශ්‍ය වපසරිය සොයා බලන ලෙසද ආණ්ඩුකාරවරිය පළාත් බලධාරීන්ට නියෝග කළාය.
යම් ලෙසකින් එවැනි ගොවීන් වාර්ථා වුවහොත් ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කර පොලිසිය හරහා දඩ මුදලක් අය කිරිමට පියවර ගන්නා ලෙසද ආණ්ඩුකාරවරිය වැඩි දුරටත් නියෝග කළාය .
දිර්ඝ කාලයක සිට වනාන්තර වල අයාලේ යන මෙම අවයින්ගේ පහසුකම් සොයා බලා ඔවුන්ගෙන් ලබා ගන්නා කිරි නිෂ්පාදන වඩාත් ගුණාත්මක තත්වයකින් ඉහල දැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග තිරසර කිරිගොව්පල ව්‍යාපෘතිය හරහා ලබා ගැනීමට ආණ්ඩුකාරවරිය පළාතේ විශේෂ වැඩ සටහන් රැසැක්ද ඇරඹිමට හේතුවුයේ මෙම ගව සම්පත් ආරක්ෂා කර ගැනීම සදහාය.
උපුටා ගැනීම දිනමිණ පුවත්පත
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…