2021 සහ 2022 වර්ෂයන් වල පළමු වරට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට, 2024 වර්ෂයේදී උසස් පෙළට පෙනී සිටින ආර්ථික දුශ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
මේ සඳහා සුදුසුකම් සහිත සිසු දරුවන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇති බව සඳහන්.
මාසයකට රුපියල් 5,000 බැගින් උපරිමය මාස විසි හතරක්, උසස් පෙළ විභාගය දක්වා මෙම ශිෂ්‍යාධාරය ලබා දීමට සූදානම් කර ඇති අතර එක් අධ්‍යාපන කලාපයකට එවැනි ශිෂ්‍යත්ව 30 ක් හිමි වීමට නියමිතයි.
පවුලේ මාසික අදායම රුපියල් 75,000 ට අඩු රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන ආර්ථික දුශ්කරතා ඇති තෝරාගත් දරුවන් සඳහා අදාළ ශිෂ්‍යත්ව වැඩ සටහන ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…