Monday, April 20, 2026
Homeදේශීයඋසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව

2021 සහ 2022 වර්ෂයන් වල පළමු වරට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට, 2024 වර්ෂයේදී උසස් පෙළට පෙනී සිටින ආර්ථික දුශ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මේ සඳහා සුදුසුකම් සහිත සිසු දරුවන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇති බව සඳහන්.

මාසයකට රුපියල් 5,000 බැගින් උපරිමය මාස විසි හතරක්, උසස් පෙළ විභාගය දක්වා මෙම ශිෂ්‍යාධාරය ලබා දීමට සූදානම් කර ඇති අතර එක් අධ්‍යාපන කලාපයකට එවැනි ශිෂ්‍යත්ව 30 ක් හිමි වීමට නියමිතයි.

පවුලේ මාසික අදායම රුපියල් 75,000 ට අඩු රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක ඉගෙනුම ලබන ආර්ථික දුශ්කරතා ඇති තෝරාගත් දරුවන් සඳහා අදාළ ශිෂ්‍යත්ව වැඩ සටහන ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

READ:   ප්‍රබල ඉන්දියාව පරදා පාකිස්තානය විශිෂ්ට ජයක් වාර්තා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්