Monday, April 20, 2026
Homeදේශීයසයිබර් ආරක්ෂාවට පනතක්

සයිබර් ආරක්ෂාවට පනතක්

ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම යටතේ, සයිබර් ආරක්ෂණ පනත මේ වසර තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.

මෙම පනත තුළින් අනිෂ්ට ක්‍රියාකාරීන් විසින් ඩිජිටල් පද්ධති අනිසි ලෙස භාවිතා කිරීමේ අවධානම පාලනය කිරීමට සහ තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට හැකි වන බව එ මහතා පවසනවා. එමෙන්ම තොරතුරු හා සයිබර් ආරක්ෂණ නියාමන අධිකාරියක් පිහිටුවීමට හැකි වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කනක හේරත් මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ නව සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ( CERT) සහ ලෝක බැංකුව ඒකාබද්ධව කොළඹ දී, සංවිධාන කළ වැඩමුළුවකට සහභාගි වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කළමනාකරු චියෝ කණ්ධා (Ms. Chiyo Kanda) මහත්මිය කියා සිටියේ වසර 70 ක පමණ කාලයක සිට ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ උන්නතිය සඳහා එක්ව කටයුතු කරමින් සිටින බවත් ඉදිරියේදීත් එම සහාය අඛණ්ඩව ලබා දෙන බවත් ය.

READ:   වැඩි කළ ඉන්ධන කෝටාව තවත් සතියක් ක්‍රියාත්මකයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්