දේශීය

චාමික කරුණාරත්නට ඇෆ්ගනිස්ථාන තරඟාවලිය අහිමිවීමට හේතුව

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇෆ්ගනිස්ථාන තරඟාවලිය සඳහා තෝරා නොගැනීමට හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටු සභාපතිවරයා ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන තරඟාවලිය සඳහා චාමික කරුණාරත්න තොරා නොගැනීමට පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී චාමික කරුණාරත්න හැසුරුණු ආකාරය හේතුවක් වූ බව තේරුම් කමිටු සභාපතිවරයා පවසනවා. ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් ද එම හැසිරීම් පිළිබඳ අකමැත්තෙන් පසුවූ බව ලිපියේ සඳහන්.

චාමික කරුණාරත්න ලෝක කුසලාන තරඟාවලියේදී ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලංකා කාන්තාවක් හමුවීමට අවධානය යොමු කළ බවත් අසනීප යැයි පවසමින් පුහුණු සැසි කිහිපයකට සහභාගි නොවූ බව ද ලිපියෙහි සඳහන් වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටුවේ සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ විසින් චාම්ක කරුණාරත්න පිළිබඳ මෙම ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කර තිබෙනවා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago