අද දෙමව්පියන් දරුවන්ට උගන්වනවාද , කන්න දෙනවාද, යන ප්‍රශ්න දෙකකට මැදිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිනී කවිරත්න පවසනවා.
දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය පොතක්, පැනක්, පැනසලක්, පාට පෙට්ටියක මිළ දෙමාපියන්ට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බව ඇය පෙන්වා දෙනවා. දරුවකුට පාට පෙට්ටියක් මිලදී ගැනීමට කම්කරුවකුට දවසක පඩියෙන් 1/4 ක් අවශ්‍ය වන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එවැනි තත්වයක මෙරට දරුවන් සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන අයවැයෙන් වෙන් කර ද නැති බව ඇය ප්‍රකාශ කළා.
දකුණු ආසියාවේ භූතානය ලඟට අධ්‍යාපනයට අඩුම ප්‍රතිපාදන වෙන්කරන රට බවට ලංකාව පත්ව ඇති බවත් එලෙස තිබියදී අධ්‍යාපනයේ ලොකුම ගැටළුව බවට අද ගුරුවරුන්ගේ සාරිය පත් කර ඇති බවත් මන්ත්‍රීවරිය පවසනවා.
ගුරුවරු 11,000 කට ස්ථාන මාරුවීම් නැති බවත් නියමිත දිනට වැටුම් නොලබන ගුරුවරු 30,000 කට අධික සංඛ්‍යාවක් සිටින බව එතුමිය ප්‍රකාශ කළා.
ඉතිහාසයේ ප්‍රථම වතාවට අවුරුදු 4ට අඩු දරුවන් ගෙන් 42% කට මන්දපෝෂණය ඇති බවට තහවුරු වී ඇති බව එතුමිය පැවසුවා. එමෙන්ම මෙරට පුද්ගලයින් ලක්ෂ 22 කට මන්දපෝෂණය සැදීමට නියමිත බවත් ඒ පිළිබඳව සොයා බැලීමට හෝ කිසිදු ප්‍රතිපාදනයක් අයවැයෙන් වෙන්කර නොමැති බවත් එතුමිය අවධාරණය කර සිටියා.
සම්පූර්ණ විඩියෝව පහතින්,
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…