දේශීය

නැවත අරගලය ආවොත් හමුදාව සහ හදිසි නීතිය යොදා නවත්වනවා – ජනාධිපති (VIDEO)

නැවතත් රට තුළ අරගල කිරීමට පැමිණියොත් හමුදාව සහ හදිසි නීතිය යොදා එම තත්වය පාලනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) පාර්ලිමේන්තු අමතමින්.

අරගලය තුළදී මන්ත්‍රීවරයෙකූ අමු අමුවේ මහපාර තුළ ඝාතනය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තැබීම පක්ෂ විපක්ෂ බේදයකින් තොරව කිසිසේත් අනුමත කළ නොහැකි බව ජනාධිපතිවරයා පැවසුවා.

මන්ත්‍රීවරුන් 296 ක් අහසින් වැටුණු අය නොවන බවත් ඔවුන් මහජනතාව විසින් ඡන්දයෙන් තෝරාපත් කළ අයම වෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

පූනි 09 වනදා හිටපු ජනාධිපතිවරයා එළවාදමා ජනාධිපති කාර්යාලයට විශාල හානි රැසක් අරගලකරුවන් විසින් සිදු කළ බවත් තමාටද සිය නිවසින් ඉවත්වෙන ලෙස දැනුම් දුන් බව ජනාධිපතිවරයා පැවසුවා. පසුව පාර්ලිමේන්තුව ද අල්ලාගැනීමට ද අරගලකරුවන් පැමිණි බව එතුමා පෙන්වා දෙනවා.

17,19 ,22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් පාර්ලිමේන්තුවට ගෙන එමින් හදිසි නීතිය යොදවමින් තමන් ඒකාධිපති පාලකයෙක් ලෙස රට තුළ කටයුතු කරන බවට තමාගේ චරිතය මාධ්‍යය හුවා දක්වා ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එදා සමහරුන් බෞද්ධ භික්ෂුවට, හින්දු, මුස්ලිම් ආගමික නායකයන්ට පවා බලපෑම් කළ බව පැවසූ ජනාධිපතිවරයා ඕනතරම් රැස්වීම් විරෝධතා බලපත්‍ර ලබාගෙන පැවැත්විය හැකි බව පැවසුවා. එසේ නොකර නැවත ආණ්ඩුව වෙනස් කිරීමට අරගලයක් සිදු කිරීමට පැමිණියොත් හමුදාව සහ හදිසි නීතිය යොදා එය වැළැක්වීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

එම විඩියෝව පහතින්,

Recent Posts

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

5 hours ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

6 hours ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

6 hours ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

2 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

2 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

6 days ago