Categories: දේශීය

බෙල්වුඩ් නිකේතනය කඩා දමා මූල්‍ය වංචා කළ හිටපු ලොක්කන්ට ඇමති තදින්

බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයට අයත්ව තිබූ බ්‍රිතාන්‍ය සමයේ ඉදිකරන ලද ඓතිහාසික සිවුමහල් ගොඩනැඟිල්ල අත්තනෝමතික ලෙස ගලවා දමමින් තරුණ සේවා සභාවේ හිටපු පාලනාධිකාරිය 2016 වසරේදී රුපියල් ලක්ෂ දෙදාහකට අධික වංචාවක් සිදුකර ඇතැයි ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ පවසනවා.

එය සිදුව ඇත්තේ පැවති යහපාලන ආණ්ඩු කාලයේදීය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ තරුණ කටයුතු හා රැකී රක්ෂා ඇමැතිව සිටියදී ආරම්භ කළ මෙම ආයතනය ඓතිහාසික වටිනාකමකින් යුක්තය.

එහි අධ්‍යාපන කටයුතු සඳහා භාවිත කළ සිවුමහල් තේ කම්හල් ගොඩනැඟිල්ල මෙසේ හදිසියේම ගලවා ඉවත් කිරීමට 2016 වසරේදී තීරණය කර ඇති අතර එය ගැලවීම සඳහාද රුපියල් ලක්ෂ 80ක මුදලක් වැය කර ඇතැයිද ඇමැතිවරයා කීය.
නමුත් අමාත්‍යවරයා පැවසූවේ එසේ ගලවා දැමූ ගොඩනැඟිල්ලේ අමුද්‍රව්‍ය හෝ අබලි ද්‍රව්‍ය කිසිවක් මේ වනවිට සොයාගත නොහැකිව ඇති බවකි.

ඔහු පවසන්නේ මෙය තනිකරම රාජ්‍ය දේපළ වංචා කිරීමක් බවය.
තරුණ සේවා සභාවේ නිලධාරීන්ගෙන් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී ඊයේ (22දා) මේ ගැන විමසීමට මන්ත්‍රිවරුන් කටයුතු කළේ යැයිද ඒ අනුව වහාම මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නැයි තමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ යැයි ද ඇමැතිවරයා පැවැසීය.

ලබන වසර වනවිට සිසු සිසුවියන් දහසකට සිය අධ්‍යයන කටයුතු කළ හැකි පරිදි බෙල්ඩුඩ් ආයතනය ප්‍රතිසංස්කරණය කිරීමට තමා කැපවන්නේ යැයි බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය සිනමාව හා ටෙලිනාට්,‍ය ප්‍රාසාංගික කළා අංශයේ ඉගැන්වුම් මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමටත් කඩිනමින් කටයුතු කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

7 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

7 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

19 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

19 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

19 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago