දේශීය

මාලුවා වෙනුවට බිලී පිත්තක් දීමේ ක්‍රමයයි වඩාත්ම සුදුසු ක්‍රමය – අමාත්‍ය රොෂාන් රණසිංහ

දේශපාලනඥයන් සහ රාජ්‍ය සේවකයන් නිවැරදිකරුවන් වුවත් වැරැදිකරුවන් වුවත් පොදුවේ දූෂණ චෝදනා එල්ලවෙනවා නමුත් ඒ සියල්ල නිවැරැදිකරගෙන මේ දෙපාර්ශ්වයම ඉතා පිරිසිදුව කටයුතු කළත් ජනතාව වෙහෙස වී වැඩ නොකරනවා නම් මේ රට අර්බුදයෙන් මුදාගත නොහැකියි. විවිධ ව්‍යාපෘති සදහා අනුමැතිය ලබා ගැනීමේදී ඉතා කාර්‍යක්ෂම ක්‍රියාවලියක් අවශ්‍යයි. කම්කරු නීති ආදී විවිධ නීතීන් පැනවීමේදී පොදුජනතාවට සිය ආදායම් වැඩිකරගත හැකි ආකාරයකට ඒවා පැනවිය යුතුයි යනුවෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු, වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ (17) පැවසීය. ඒ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේදී පැවති ප්‍රගති සමාලෝචනය හා 2023 වසරේ ඉදිරි කටයුතු සම්බන්ධව පැවැත්වූ සාකච්ඡාවකදීය.

කාලීන අවශ්‍යතාව සලකා මෙවර අයවැය මගින් සමාජ සුබසාධනය කෙරෙහි වැඩි ඉඩක් වෙන් කොට තිබෙනවා. නමුත් සහනාධාරමත පිහිටා රටක් සංවර්ධනය කළ නොහැකිය.සැබැවින්ම කළ යුත්තේ මාලුවා ලබා දීම වෙනුවට බිලී පිත්තක් ලබා දීමය. එහෙත් මෙතෙක් සිදුව ඇත්තේ අසරණ දිළිඳු පුද්ගලයන්ට අතදී ඔහුව නැගිටවීම වෙනුවට යම් මුදලක් දී සහනාධාර මත යැපෙන තත්වයකට පත්කිරීමයි යනුවෙන්ද අමාත්‍යවරයා අදහස් දැක්වීය.

අමාත්‍යවරයා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබදවද අදහස් දැක්වීය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීම ප්‍රමාද නොකළ යුතුව තිබූ දෙයක්.ජාත්‍යන්තර අරමුදල මඟින් ඉදිරිපත් කරන්නේ ඉතාම සාධනීය කාරණාවන් කිහිපයකි.පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් තීරණ ගැනීම සහ අතිරික්ත රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාම රටට බරක් නොවන ආකාරයට පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කිරීම ප්‍රධාන කාරණා වේ.

මේ වනවිට ණය ගෙවීම සඳහා ද ණය ගැනීමට සිදුවෙලා ජනතාව බොහෝ දේ බලාපොරොත්තුවෙන් ඉන්නෙ.කවුරුත් කැමතියි විදෙස් රටක සැදූ වාහනයක් පදින්න.නමුත් මේ එයට වෙලාව නෙවෙයි.අපි ලෝකෙට ණය වෙලා වාහන ගෙනත් වැඩක් නෑ.එහෙම කිරීමටනම් අපි මේ රටේ ආර්ථිකය ඉක්මණින් නඟා සිටුවිය යුතුයි.දේශීය ආර්ථිකය නඟා සිටුවීමට නම් දේශීය වශයෙන් නිෂ්පාදන වැඩි කළ යුතුයි.ඒ සදහා කුඩා ව්‍යාපාර වැඩි කර ගත යුතුයි යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.
සෑම පුද්ගලයෙක්ටම අධ්‍යාපනයෙන් පසුව රැකියාවක් හිමි වීමේ ක්‍රමවේදයකට අප ගමන් කළ යුතුයි .අමාත්‍යාංශ ව්‍යාපාර බවට පත් කිරීමට අවශ්‍ය නොවුණත් ඒ ඒ අමාත්‍යාංශ හා අනුබද්ධ ආයතන පෞද්ගලික අංශ හා එකට එක්ව ගමන් කරන ක්‍රමවේදයක් මඟින් රට ඉදිරියට ගෙන යා හැකිබව අවසාන වශයෙන් අමාත්‍යවරයා සිහිපත් කළේය.
මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ජාතික තරුණසේවා සභාපති ආචාර්ය තිරාන් ද සිල්වා අමාත්‍යවරයාගේ උපදේශක සුදත් චන්ද්‍රසේකර ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ.

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

2 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

2 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

1 week ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago