Saturday, April 18, 2026
Homeදේශීය2023 වර්ෂය සඳහා අයවැය

2023 වර්ෂය සඳහා අයවැය

2023 වර්ෂය සඳහා නව අයවැය වර්තාව ඉදිරිපත් කිරිම මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (14) පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණා.

ශ්‍රී ලංකාව නව ආරම්භයක් කරා, යන මැයෙන් ඉදිරිපත් කෙරුණු මෙවර අයවැය මගින් ඉදිරි වර්ෂය සඳහා නව සැලසුම් රාශියක් ඉදිරිපත් කළ අතර විශේෂ ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කර තිබුණා.

ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ අවවැය කතාවේ සාරාංශය පහතින්,

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වීනය සහ ඉන්දියාව සමඟ අදහස් හුවමාරු කරගන්නා අතර අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා උද්ධමනය යම් ප්‍රමාණයකට පාලනය කර ගැනීමට හැකි වුණා.

2023 ලබන වසරේ දී ආර්ථික ස්ථාවර භාවයක් අපේක්ෂා කරනවා.

ජාතික සම්පත් යනු ත්‍රීකුණාමල තෙල් ටැංකි නොව මෙරට තරුණ පරපුරයි.. ඔවුන් ආරක්ෂා කර ගත යුතුයි.

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ සභාගත කරනවා.

අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම සහ ජාතික ආරක්ෂාව යන සියල්ල නවීකරණය විය යුතු අතර ආර්ථික නවීකරණය සඳහා අවශ්‍ය අණපනත් ලඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

මැදි කාලීනව මෙරට ආර්ථික වර්ධනය 5% ක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරනවා.

බදු සහන මත විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ වැඩසටහන සඳහා රුපියල් මිලියන 300 ක් වෙන් කරනවා.

සිංගප්පූරු වෙළඳ ගිවිසුම සමඟ කලාපීය සම්බන්ධතා ගොඩනඟා ගැනීමට මුල් පියවර තබනවා.

ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් පිහිටුවීමට යෝජනා කරනවා.

2023 සිට 2027 දක්වා තුන් අවුරුදු සැපයුම් සේවා වැඩසටහනක් හඳුන්වා දීමට කටයුතු කරනවා.

සේවක සේවිකාවන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ සිදුවී නැහැ. ඔවුන් රටේ ප්‍රගතිය නංවා ගැනීම සඳහා ඵලදායී ලෙස සහභාගී කරගත යුතුයි. කම්කරු නීතිය යල් පැන ගිය හා එකිනෙක හා සම්බන්ධයක් නොමැති බැවින් ආර්ථිකයට හා සේවක දෙපාර්ශවයටම ප්‍රතිලාභ සැලසෙන පරිදි තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට යෝජනා කරනවා.

භාවිතා නොකරන ඉඩම් දිගු කාලීන බදු පදනම මත අපනයන බෝග වගා කිරීමට යොදා ගන්නවා. 

READ:   A/L පිළිතුරු පත්‍ර ඇගයීම් අවසන් කරන දිනය ගැන දැනුම් දීමක්..


ඩිජිටල්  තාක්ෂණය සඳහා සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ආදිය ඇතුළත් වන පරිදි ඩිජිටල් තාක්ෂණ කර්මාන්ත  අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීම සඳහා මණ්ඩලයක් පත් කරනවා.

ඛනිජ සම්පත් ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීම ඉතා අඩු මට්ටමකින් සිදු වෙනවා. ඒවා ජාතික සංවර්ධනයට ඵලදායි ලෙස යොදා ගැනීමට සුදුසු ප්‍රතිපත්තියක් සකස් කරනවා.

කුරුඳු  කර්මාන්තය සඳහා නව දෙපාර්තමේන්තුවක්  පිහිටුවනවා.


ක්‍රීඩා ආශ්‍රිත සංචාරක කර්මාන්තය සඳහා ජලය මත ලිස්සා  යාම වැනි ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට යෝජනා කරනවා.

ග්‍රාමීය පාසල් පාසල්වල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මිලියන 200 ක් වෙන් කර තිබෙනවා.

වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි ආයතනය කොළඹ කොළඹට පමණක් සීමා වී තිබෙනවා පේරාදෙනිය රුහුණ සහ යාපනය විශ්ව විද්‍යාලවලත් පශ්චාත් උපාධි ආයතන ආරම්භ කරන ලෙස රුපියල් බිලියන 60 ක් වෙන් කර තිබෙනවා.


විශ්වවිද්‍යාල උපාධි සඳහා තත්ව සහතික මණ්ඩලයක් ඇති කරනවා.

උසස් පෙළ විභාගයේ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබන හැත්තෑපස් දෙනෙකු සඳහා විදේශ විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව 75ක් ලබාදීමට කටයුතු කරනවා. මේ සඳහා අරමුදල් ජනාධිපති අරමුදලෙන් වෙන් කරනවා. විශ්වවිද්‍යාලවල උසස් අයුරින් අධ්‍යාපනය ලබන සිසුන් 75ක් සඳහා විෂය විදේශ විශ්ව විද්‍යාල වල පශ්චාත් උපාධිය හැදෑරීමට අවස්ථාව දෙනවා.

ඌව වෙල්ලස්ස විශ්ව විශ්වවිද්‍යාලය යටතේ ද අලුතින් වෛද්‍ය පීඨයක් ඇරඹීමට රුපියල් මිලියන 200 ක් වෙන් කරනවා.


ලංකා ඉතිහාසය හා පර්යේෂණය කිරීම සඳහා පිහිටුවීමට ආයතනයක් පිහිටුවනවා ඒ සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කරනවා. ලංකා ඉතිහාසය අමතක කිරීම බොහෝ ප්‍රශ්නයක් වී තිබෙනවා බොහෝ දෙනෙක් ඉතිහාසය දන්නේ නැහැ.

රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ වේතන වෙනුවෙන් වැය කළ යුතුයි සංවර්ධන කාර්යයන් වෙනුවෙන් මුදල් වෙන් වෙන් කිරීම අභියෝගයක් වී තිබෙනවා ඒ නිසා වත්මන් යුතු වලට ගැලපෙන පරිදි රාජ්‍ය සේවය සැපයීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනවා.

බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක්. ඉදිරි වසර කීපය තුළ රාජ්‍ය ආදායම ක්‍රමිකව වර්ධනය කළ යුතුයි.

READ:   උතුරු දුම්රිය මාර්ගයේ වැඩ නතර කෙරේ: දිනකට ඩොලර් 10,000ක් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන්න වෙලා..

පෞද්ගලික දත්ත සැකසුම් නියාමනය කිරීම සඳහා දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවනවා.

පෞද්ගලික අංශ සේවකයන්ට රක්ෂණාවරණයක් සකස් කරනවා.පෙනුමෙන් රක්ෂණ අරමුදල ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. රජයේ සේවකයන් සඳහා වන අග්‍රහාර රක්ෂණයෙන් ප්‍රතිලාභ ලැබෙන අතර පෞද්ගලික අංශය සඳහා ද එවැනි රක්ෂණයක් ලබාදීමට ලබාදීමට යෝජනා කරනවා.

සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කටයුතු කරනවා.

බදු ප්‍රතිපත්තිය අඩු ලිහී නිකම් නිවැරදි කරමින් ආදායම් බදු හා එකතු කළ එය මත බදු ප්‍රතිසංස්කරණ මගින් 2023 වසරින් ඔබ්බට ආදායම ඉහළ නංවා ගැනීමට හැකි වෙනවා.

බීඩියක් මත රුපියල් දෙකක බද්දක් පනවනවා.

විදේශ ගමන් බලපත් ගාස්තු සහ වීසා සහ අනෙකුත් ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කරනවා.

අවුරුදු 18 ට වැඩි සෑම කෙනෙකුටම බදු ගොනුවක් විවෘත කළ යුතු බව කිව්වද බොහෝ අය බදු ගෙවීමේ තත්ත්වයෙන් පහළ සිටිනු ඇත. 

රාජ්‍ය වියදම් දැඩි ලෙස පාලනය කිරීම සඳහා චක්‍රලේඛන උපදෙස් ගණනාවක් නිකුත් කර තිබෙනවා.

සන්නද්ධ හමුදා සාමාජිකයන් සඳහා කලින් විශ්‍රාම ගැන්වීමට අවසර ලබාදෙනවා. අවුරුදු 18 ක සේවා කාලයකින් පසුව විශ්‍රාම ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙනවා.මෙය අනිවාර්ය කරන්නේ නැහැ කැමති අයට පමණක් ඉවත් විය හැකියි.

වාහන වියදම් ඉහළ යාම උද්ධමන තත්ත්වය නිසා රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් නිසා අසීරුතාවයකට පත්ව තිබෙනවා. තවත් වසරකින් රජයේ ආදායම වැඩි වනු ඇතැයි අපේක්ෂා කරනවා. ප්‍රශස්ත මට්ටමේ රාජ්‍ය සේවයක් ඇති කිරීමට හැකි වෙනවා 2023 වසර අග වන විට රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට සැලකිය යුතු සහනයක් ලබා දිය හැකි ඒවි යැයි සිතනවා පෞද්ගලික අංශයටත් ඒ වන විට සහනයක් දෙන්නට දෙන්න බලාපොරොත්තු වෙනවා.

තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන්හි ශ්‍රේෂ්ඨ ශක්තිමත් කිරීම සඳහා චීන එක්සිම් බැංකුවෙන් රජය ලබා ගන්නා ලද ණය දෙසැම්බර් අවසානය වන විට මධ්‍යම රජයේ ණය ලෙස හඳුන්වනු ඇත.

තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන්හි ශ්‍රේෂ්ඨ ශක්තිමත් කිරීම සඳහා චීන එක්සිම් බැංකුවෙන් රජය ලබා ගන්නා ලද ණය දෙසැම්බර් අවසානය වන විට මධ්‍යම රජයේ ණය ලෙස හඳුන්වනු ඇත.

READ:   මාධ්‍ය සංවිධානයක් විශේෂ සාකච්ඡාවක් කැඳවයි!මාධ්‍යකරණයට කැමති කාටත් අනගි අවස්ථාවක්

පොල් ඉඩම් කැබලි කිරීම කාලයකට සීමා කරනවා. දැනට පවතින්නේ අක්කර 4ක් ලෙසයි. කෘෂි ව්‍යවසායක ගම්මාන දහයක් ස්ථාපිත කරනවා.

ත්‍රෛලෝක විජය පත්‍ර බෝග අපනයන සඳහා නිෂ්පාදනය කිරීම. ඒවා අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමට හැකියාව සොයා බැලිය යුතුයැයි යෝජනා කරනවා මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් පත් කිරීමට යෝජනා කරනවා.

දේශගුණය වෙනස්වීම පිළිබඳ පිළිබද ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවනවා.

වන ගහනය කිරීම සඳහා ප්‍රජා සහභාගිත්වය ලබා ගන්නවා.

මද්‍යසාර නිෂ්පාදන වල ගුණාත්මකභාවය බැලීම සඳහා අලුත් අලුත් ආයතනයක් පිහිටුවීමට රුපියල් මිලියන සීයක් වෙන් කරනවා.

ආගමික  ස්ථාන සඳහා සූර්ය පැනල ලබාදෙන්නට කටයුතු කරනවා.

රැඳවියන් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට මිලියන සියයක් වෙන්කර තිබෙනවා.

රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.

පොදු සම්මුතියකට පැමිණ ජාතික ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කර ගනිමු.

මුහුණු මාරු කරන දේශපාලනයෙන් ඉවත් වී ක්‍රමය මාරු කරන දේශපාලනයකට යාමේ අභියෝගය බාර ගනිමු. ඒ සඳහා විපක්ෂයෙන් ද සහය ලබනු ඇතැයි අප සිතනවා.

ආංශික අධීක්ෂණ කාරක සභා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා.

තරුණ පරපුරට යහපත් ආර්ථිකයක් හදා දෙන්න එකට එක්වෙමු.

ජනපතිගේ අයවැය කථාව අවසන්.

උපුටා ගැනීම – ලංකාදීප පුවත්පතින් ද ඇතුළත්ව

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්