දුක් කරදරවලට සැනසීම සොයා ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන ජනයාගේ සිත් නිමෙන ආකාරයෙන් කටයුතු කිරීම තම අරමුණ බව අභිනව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ පවසති.
අභිනව අටමස්ථානාධිපති ලෙස රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී පදවිය දැරූ නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ අද උදෑසන ( 11 ) නිලවශයෙන් වැඩ භරගත්හ.
උදෑසන 7ට ශ්‍රීමහා බෝ මළුවේ උතුරු වාහල්කඩ අබියස දී සම්ප්‍රදායිකව අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක බුලන්කුලම මහතා අතින් උන්වහන්සේට පිරිනමන ලද මල්වට්ටිය බෝධීන් වහනස්සේට පූජාකර ආගමික වතාවත් පැවැත්වීමෙන්අනතුරුව නාහිමියන්ගේ වැඩභාරගැනීම සිදුවිය. දේවාල මළුවේ බෝ අංකුරයක් සිටුවීමට ද කටයුතු කළ නාහිමියෝ ‘බෙන් නෞකා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය‘ ට බෝ අංකුරයක් පිරිනැමූහ.
අනතුරු ව රැස්ව සිටි පිරිසට අනුශාසනා කළ උන්වහන්සේ තමාට දුෂ්කර වකවානුවක දුෂ්කර වගකීමක් පවරී ඇතිබවත් තමා ඊට රුචි බවත් ප්‍රකාශ කළ හ. ‘‘දුෂ්කර කාලයක දුෂ්කර ගමනක් යාමට සිදුවී තිබෙනවා.එබඳු අවස්ථාවක හැකි උපරිම යමක් කිරීමට මා උත්සාහ කරනවා. මම එහෙම ඒවාට තමා කැමති.ගලායන ප්‍රවාහයක නිකම්ම තල්ලූවී යනවාට වඩා යම් විටක පහළට තල්ලු වුවත් උඩගම්බලා යාමටයි මා කැමති. මෙහි එන ජනතාවගේ සිත් නිමෙන ආකාරයට මෙය ජනතාවගේ කෙම්බිමක් බවට පත්කිරීමයි මගේ අරමුණ. ජනයා මෙම ස්ථානයට පැමිණෙන්නේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම් බලාපොරොත්තුවෙන්. ඒ එන ජනයාගේ සිත් නිවාගැනීමට හැකිතාක් උපකාරීවීම මගේ අරමුණයි. සිරිනිවාස නාහිමියන් අපවත් වීමෙන් පසු මේ දක්වා අසීරු කාලයට මූණ දීමට උපකාරී වුණා සේ මගේ පසු මෙම වගකීම් භාරගන්නට සුදුසු කම් ලබා සිටින සියලු දෙනා ට එක මිටියට සමගියෙන් බැඳී සිටින ලෙස මා ඉල්ලනවා. මේ දක්වා මෙම රාජකාරීය කරන්න මට හැම දෙනාම සහයෝගය දුන්නා. මගේ නායකත්වය පිළිගත්තා. තව දුරටත් මට ඒ සහාය අවශ්‍යයි‘‘ යනුවෙන් නාහිමියෝ එහි දී ප්‍රකාශ කළ හ.
මෙම අවස්ථාවට අනුරාධපුර අටමස්ථානය ඇතුළු දිවයින පුරා බොහෝ විහාරස්ථාන නියෝජනය කරමින් මහ සඟරුවනද මහජන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීහු ද පොදුවේ කරනුලැබූ ආරාධනාවට අනුව එහි පැමිණ සිටියහ.
පූර්ණ උපුටා ගැනීම – දිනමිණ පුවත්පත
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…