Friday, April 17, 2026
Homeදේශීයධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනමක්

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලකට සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය තීරණය කර තිබෙනවා.

පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යෑම සඳහා සියලු සහයෝගය ලබා දෙන බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාන්තාවක් විසින් සිදුකර ඇති පැමණිල්ලේ වරදකරු ලෙස ධනුෂ්ක ගුණතිලක එරට (ඕස්ට්‍රේලියානු) අධිකරණය විසින් තීරණය කළහොත් ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ද දඩුවම් පැමිණවීමට නියමිත බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

එමෙන්ම ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් මෙරටදී පරීක්ෂණයක් පැවැත්වීමට කඩිනම් පියවර ගන්නා බව එම ආයතනය වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

අදාළ නිවේදනය පහතින්,

READ:   ඇෆ්ගනිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්