Monday, April 20, 2026
Homeදේශීයතරුණ සේවා සභා උසස්වීම් තමන්ගේ අයට දෙන්නැයි ප්‍රභල ඇමතිවරුන්ගෙන් බලපෑම්. බැරිම තැන,...

තරුණ සේවා සභා උසස්වීම් තමන්ගේ අයට දෙන්නැයි ප්‍රභල ඇමතිවරුන්ගෙන් බලපෑම්. බැරිම තැන, සභාපති ලියුමකුත් ගහලා

ජාතික තරුණ සේවා සභාවේ තනතුරුවලට බදවා ගැනීම් සහ උසස්වීම් ලබා දීම සම්බන්ධයෙන් තරුණ කටයුතු අමාත්‍යවරයාට සහ තරුණසේවා සභාවේ සභාපතිවරයාට ප්‍රබලයන්ගේ දේශපාලන බලපෑම් එල්ලවන බවට තොරතුරු වාර්ථා වී ඇත.
මේ වනවිට ජාතික තරුණසේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට සහ සහකාර අධ්‍යක්ෂ ධූරයට බඳවා ගැනීම් සිදු කරන අතර සහකාර අධ්‍යක්ෂ තනතුර සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ අවසන් කොට ඇත.මේ තනතුරු උසස්වීම් ලබා දී ඇත්තේ වසර ගණනාවකට පසුවය.මීට පෙර 2011 වසරේදී මේ තනතුරු සම්බන්ධයෙන් උසස්වීම් ලබා දී ඇති අතර 2014 සහ 2017 වසරවලදී උසස්වීම් ලබා දීමට සූදානම් වුවත් චක්‍රලේඛවලට අනුකූල නොවීම මත එම කටයුතු නතර කිරීමට සිදු වී ඇත.

වසර ගණනාවකට පසු 2022 දී මෙම උසස්වීම් ලබා දීමට කටයුතු කොට ඇත්තේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ මෙහෙයවීම හා තරුණ සේවා සභාවේ වත්මන් සභාපති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිරාන් ද සිල්වා මහතාගෙ සොයා බැලීම් අනුවය.නමුත් මේ දෙපළට දැන් එම කටයුතු නිසියාකාරයෙන් කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇත.ඒ දේශපාලන ප්‍රභලයන්ගේ අනවශ්‍ය බලපෑම් හේතුවෙනි.


අපහට වාර්ථා වූ තොරතුරු අනුව ඇතැම් ඇමැතිවරු රාජ්‍ය ඇමතිවරු පෞද්ගලිකව ලබාදෙන දුරකථන ඇමතුම් හා පෞද්ගලික ලිපි මඟින් එම බලපෑම් එල්ල කොට ඇත.ඒ අතර තුර සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ ඇතැම් අය සතුව ප්‍රභල ඇමතිවරුන්ගේ අස්සනින් යුතු ලිපිද තිබූ බවට තොරතුරු වාර්ථා වේ.එම ලිපිවල තිබී ඇත්තේ එම ලිපි රැගෙන එන නිලධාරීන්ට උසස්වීම් ලබාදිය යුතු බවට වන නියෝගයන්ය.

පසුව මෙය පාලනය කර ගත නොහැකි මට්ටමට ඔඩුදුවන්නට පටන් ගත්විට අමාත්‍යවරයාගේ අනුදැනුම මත තරුණසේවාවේ සභාපතිවරයා ලිපියක් මඟින් දැනුම් දීමක් සිදු කළේ දිගින් දිගටම මෙවැනි දේශපාලන බලපෑම් සිදුවුව හොත් නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගන්නා බවය.මේ අතරතුර ජාතික තරුණ සේවා සභාවේ සුළු තනතුරුවලට බදවා ගැනීම් සම්බන්ධයෙන් ඇමති මණ්ඩලයේ ඉහළම තනතුරකින්ද බලපෑම් එල්ලවන බවටද තොරතුරු වාර්ථා වී ඇත.කෙසේ නමුත් වත්මන් සභාපතීත්වය සහ අමාත්‍යවරයා මෙවැනි දේශපාලන බලපෑම්වලට යටත් නොවී තම කටයුතු විනිවිදභාවයක් ඇතිව කරගෙන යාමට කටයුතු යොදා ඇති බවට ද තොරතුරු වාර්ථා වේ.

READ:   උසස් පෙළ කල් යයි? විශේෂ තීරණයක්

තරුණසේවාවේ සභාපතිවරයා නිකුත් කළ ලිපිය අපවෙත ලැබී තිබෙනවා. එම ලිපිය පහතින් >>

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්