දේශීය

ශ්‍රී ලංකාවේ පළමු මංකිපොක්ස් රෝගියා වාර්තා වෙයි

– ඩුබායි ඉඳන් ආවේ 01 වැනිදා
– වයස 20ක තරුණයෙක්

රටවල් රැසක ව්‍යාප්තව පවතින වඳුරු උණ (මංකිපොක්ස්) රෝග ලක්ෂණ සහිත රෝගියෙක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විද්‍යා දෙපාර්තමේන්තුවේ වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා ඊයේ (03) පැවසීය.

ඩුබායි සිට මෙරටට ඉකුත් 1 දා පැමිණි වයස අවුරුදු 20ක පිරිමි ළමයකු මෙසේ හඳුනාගෙන තිබේ.

උණ, සමේ බිබිලි සහිත, වසා ගැටිති ඉදිමීම වැනි රෝග ලක්ෂණ සහිතව සිටි මොහු ලිංගාශ්‍රිත රෝග සායනයට යොමු වී ඇත. පසුව රෝග ලක්ෂණ ගැන සැක සිතූ වෛද්‍යවරු මොහු ඇතුළු තවත් 6 දෙනකුගේ රුධිර සාම්පල ඉකුත් 2 දා වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා තිබේ. එහිදී මොහුගේ රුධිර සාම්පලවලින් වඳුරු උණ රෝගය වැළඳී ඇති බව තහවුරු කර ගෙන තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලාශ්‍රවලට අනුව මංකිපොක්ස් යනු වෛරස් රෝගයකි. එය මිනිසුන් අතර සතුන්ගෙන්, පරිසරයෙන් බෝ විය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් මෙම රෝගයේ පැතිරීම සැලකිල්ලට ගෙන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඉෂාර මුදුගමුව, සන්ධ්‍යා කරුණාරත්න

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

2 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

2 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

6 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

6 days ago