දේශීය

ප්‍රවීන රංගනශිල්පී ෂාරුක් ඛාන් අද උපන්දිනය සමරයි

අදට අවුරුදු 57 ක් වෙන ෂාරුක් ඛාන් කියන්නේ මේ වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 700කට වඩා වැඩි වත්කමක් හිමි ලොව ධනවත් නළුවන් ලැයිස්තුවේ තෙවැනි තැනට පත්ව සිටින නළුවා වෙනවා. අද ෂාරුක් ඛාන් කියන නම මුළු ලෝකයම දන්නවා වුනාට 1991 දී අවුරුදු 26ක් වුණු ෂාරුක් කියන තරුණයා එදා මුම්බායි නුවරට එනකොට ඔහු සතු එකම වත්කම ඔහුගේ කමිස සාක්කුවේ තිබුණු ඉන්දියානු රුපියල් 1500ක මුදල පමණයි.

ෂාරුක් එදා මුම්බායි නුවර මුහුදට මුහුණලා ඇති ප්‍රසිද්ධ මැරීන් ඩ්‍රයිව් හීදි මුහුදත් එක්ක ඈතින් පේන මුම්බායි නගරය දෙස බලාගෙන හිතලා තියෙන්නේ,

“මම කවදා හරි මේ නගරය පුරා මගේ නම පතුරවනවා”

කියන වචන ටිකයි.අද මුම්බායි නුවර සුවිශාලතම මන්දිරයේ ඉඳන් ඔහු අත වනමින් සිය ආචාරය පුද කරන්නේ ලෝකය පුරාවට පැතිර ගිය ඒ ෂාරුක් නාමයට හද බැඳගත් සුවහසක් රසිකයන් වෙනුවෙන් වෙයි.

“මගේ දෙමාපියන් ඉක්මනටම යන්න ගියා.එයාලාට පිළිකාවක් තියෙනවා කියලා දැනගෙන මාස දෙකහමාරකදී වගේ එයාලා නැති වුනා.මං හිතාගන්න බැරි වුනා මං මොකද්ද කරන්නේ කියලා.එක දවසක් රෑ එයාලගේ සොහොන ළඟදී මම හිතා ගත්තා මොකක් හරි දේකින් මේ අඩුව පුරවගන්න ඕන කියලා.මට වාසනාවකට ඒ වෙනුවෙන් චිත්‍රපට වල අවස්ථාවක් ලැබුණා.මට රංගනය කියන්නේ වෘත්තිය විතරක් නෙවෙයි.මගේ හැඟීම් පිටකරන්න තියෙන තැනක්.”

90,2000 දශකයේ රූපවාහිනිය ඉදිපිට ෂාරුක්ගේ චිත්‍රපට නරඹපු ෂාරුක්ගේ රසිකයන්ට වගේම බොලිවුඩ් ප්‍රේක්ෂකයන්ට , ආදරය ආදරය විදියටත් විරහව විරහව විදියටත් හදවතට සමීප වෙන්න හේතුවක් වෙන්න ඇත්තේ ඔහුගේ ඒ වෘත්තියෙන් එහාට ගිය රංගනයේ අභිප්‍රාය නිසා වෙන්නට පුළුවන්..

මුලදී ක්ෂේත්‍රයේ අනිත් ජනප්‍රිය නළුවන් ප්‍රතික්ෂේප කරපු චරිත ඔහුට භාරගන්න සිදුවුනත් ලැබෙන ඕනෑම චරිතයක් හරහා ප්‍රේක්ෂකයාගේ හදවත් දිනාගැනීමට ඔහු සමත් වුණු බව නොරහසක්. ෂාරුක්ගේ සිනමා දිවියේ ආරම්භයේ සිටම ඔහු ලැබෙන චරිතයට කොපමණ සාධාරණයක් ඉටු කලේද යන්න සම්මාන වලටත් වඩා අදත් ඒ චරිත අපේ හිත් වල සලකුණු වි තිබීමම ප්‍රමාණවත් වෙනවා කියලා හිතනවා.

පුරා දශක තුනකට ආසන්න කාලයක් බොලිවුඩයේ ප්‍රේමයේ රජු විදියට ප්‍රේක්ෂක ආකර්ෂණයට හා ජනාදරයට පාත්‍ර වු ෂාරුක් ඛාන් , අද වෙනකොට ලෝකයේ වැඩිම රසික පිරිසක් හිමි තරුව විදියට ඉමහත් ජනප්‍රියතාවයක් දිනාගනිවී කියලා එදා මැරීන් ඩ්‍රයිව් වල ඉඳන් මුම්බායි නගරය දිහා බලන් හිටපු තරුණයා ⁣හීනෙකින්වත් නොසිතන්න ඇති.

අධිෂ්ඨානය, වීර්යය , කැපකිරීම් හා උත්සහයෙන් තමන්ගේ නම සලකුණක් බවට පත් කරගත් ෂාරුක් ලෝකයේ දක්ෂතම නළුවා හෝ හොඳම නළුවා නොවෙන්නට පුළුවන්… නමුත් ඔහු නළුවන් අතර සැබෑ තරුවක්..

අවසාන වශයෙන් ෂාරුක්ගෙ සමකාලීන රංගන ශිල්පියෙක් වන අමීර් ඛාන් ෂාරුක් ගැන සඳහන් කරන ආකාරයකින් ලිපිය අවසන් කරන්නම්..

Forrest Gump චිත්‍රපටයේ විදියට පුංචි ගම්ප් තමයි එල්විස් ප්‍රෙස්ලිට ඩාන්ස් මුව්මන්ට් උගන්වන්නේ.Forrest Gump ෆිල්ම් එකේ රීමේක් එක වුන Laal Singh Chaddha ෆිල්ම් එකේ ඒ කොටස විදියට පුංචි චාඩ්ඩා තමයි ෂාරුක් ඛාන්ගෙ Iconic Pose එක උගන්වන්නේ.

මේ කැමියො එක වෙනුවෙන් අමීර්ඛාන් ෂාරුක් ඛාන්ව හම්බවෙන්න ගිය විදිය ගැන කියන්නේ මෙහෙමයි..

“ෂාරුක් කියන්නේ යාළුවෙක්.මං එයාට කිව්වා එල්විස් ප්‍රේස්ලි ඇමරිකාව නියෝජනය කලා වගේ , ඉන්දියාවේ ඉන්න Biggest Iconic තරුව මට පෙන්වන්න ඕන,එ් නිසා මං ඔයා ළඟට ආවා කියලා.”

-අනුෂ්ක රසාංජන ද සිල්වා-

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

22 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

22 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

7 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago