විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තවත් තරඟයක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද (01) පැවැත්වුණා.
කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 144 ක් ලබාගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 03 ක් සහ ළහිරු කුමාර කඩුලු 02 ක් ලබාගත්තා.
ලකුණු 145 ක ජයග්‍රහී ඉලක්කයක් පසුකරයෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක් දැවී 19 වන පන්දුවාරයේදී එම ඉලක්කය පසු කර ගියා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රිඩා කළ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 66 ක් ලබාගත්තා.
ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලානයේ ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අද පැවති තරඟය කඩුලු 6 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…