විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තවත් තරඟයක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද (01) පැවැත්වුණා.
කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 144 ක් ලබාගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 03 ක් සහ ළහිරු කුමාර කඩුලු 02 ක් ලබාගත්තා.
ලකුණු 145 ක ජයග්‍රහී ඉලක්කයක් පසුකරයෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක් දැවී 19 වන පන්දුවාරයේදී එම ඉලක්කය පසු කර ගියා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රිඩා කළ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 66 ක් ලබාගත්තා.
ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලානයේ ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අද පැවති තරඟය කඩුලු 6 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…