Closeup side view of attractive mid 20's woman taking a shower in her bathroom after a long exhausting day at work or college. She's gently washing her hair and skin.
යුනිලීවර් සමාගම විසින් වෙළඳපොළට නිකුත් කරණු ලැබූ වියළි ෂැම්පු නිෂ්පාදන කිහිපයක් යළි කැඳවීමට එම ආයතනය තීරණය කර ඇති බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.
ඊට හේතුව වී ඇත්තේ බෙන්සීන් (Benzene) නැමති පිළිකා කාරක රසායනය එම නිෂ්පාදන තුළ අඩංගු වන බවට තහවුරු වී තිබීමයි.
ඒ අනුව යුනිලීවර් සමාගම විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට ප්‍රථමව නිෂ්පාදනය කරන ලද Nexxus , Suave ,Tresemme , Dove , සහ TIGI යන සන්නාමයන්ට අයත් වියළි ෂැම්පෝ නිෂ්පාදනයන් පාරිභෝගිකයන්ට භාවිත නොකරන ලෙස දන්වා ඇති බව නිව් යෝර්ක් ටයිම්ස් ජාත්‍යන්තර පුවත්පත වාර්තා කරනවා.
සමාගමේ අභ්‍යන්තර පරීක්ෂණය ප්‍රතිඵලයක් වශයෙන් එම අහිතකර රසායනය අඩංගු නිෂ්පාදන යළි කැඳවීමට කඩිනමින් පියවර ගනිමින් සිටින බව යුනිලීවර් සමාගම සඳහන් කළා.
ඇමරිකාව, කැනඩාවට අදාළ වන ලෙස මෙම නිෂ්පාදන යළි කැඳවීම දැනටමත් නිවේදනය කර ඇති අතර මෙම බෙන්සීන් නැමති රසායනය දිගුකාලීනව නිරාවරණය වීම තුළින් ලියුකේමියාව හා රුධිර සෛල පිළිකා ඇතිවීමේ දැඩි අවධානමක් පවතින අතර ස්ත්‍රී ප්‍රජනන අවයවයන්ට හානි කිරීමේ හැකියාව මෙම රසායනය තුළ සතු වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…