Saturday, April 25, 2026
Homeදේශීයපිළිකා අවධානමක් නිසා ෂැම්පූ තොගයක් යළි කැඳවීමට යයි

පිළිකා අවධානමක් නිසා ෂැම්පූ තොගයක් යළි කැඳවීමට යයි

යුනිලීවර් සමාගම විසින් වෙළඳපොළට නිකුත් කරණු ලැබූ වියළි ෂැම්පු නිෂ්පාදන කිහිපයක් යළි කැඳවීමට එම ආයතනය තීරණය කර ඇති බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

ඊට හේතුව වී ඇත්තේ බෙන්සීන් (Benzene) නැමති පිළිකා කාරක රසායනය එම නිෂ්පාදන තුළ අඩංගු වන බවට තහවුරු වී තිබීමයි.

ඒ අනුව යුනිලීවර් සමාගම විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට ප්‍රථමව නිෂ්පාදනය කරන ලද Nexxus , Suave ,Tresemme , Dove , සහ TIGI යන සන්නාමයන්ට අයත් වියළි ෂැම්පෝ නිෂ්පාදනයන් පාරිභෝගිකයන්ට භාවිත නොකරන ලෙස දන්වා ඇති බව නිව් යෝර්ක් ටයිම්ස් ජාත්‍යන්තර පුවත්පත වාර්තා කරනවා.

සමාගමේ අභ්‍යන්තර පරීක්ෂණය ප්‍රතිඵලයක් වශයෙන් එම අහිතකර රසායනය අඩංගු නිෂ්පාදන යළි කැඳවීමට කඩිනමින් පියවර ගනිමින් සිටින බව යුනිලීවර් සමාගම සඳහන් කළා.

ඇමරිකාව, කැනඩාවට අදාළ වන ලෙස මෙම නිෂ්පාදන යළි කැඳවීම දැනටමත් නිවේදනය කර ඇති අතර මෙම බෙන්සීන් නැමති රසායනය දිගුකාලීනව නිරාවරණය වීම තුළින් ලියුකේමියාව හා රුධිර සෛල පිළිකා ඇතිවීමේ දැඩි අවධානමක් පවතින අතර ස්ත්‍රී ප්‍රජනන අවයවයන්ට හානි කිරීමේ හැකියාව මෙම රසායනය තුළ සතු වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

READ:   මෝසම් සුළඟ ආධාරයෙන් යකඩ නිස්සාරණ කළ සිරිලක, අද කොතැනද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්