විදෙස් ගතවීමක් සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නැවත හරවා යෑවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඊයේ (27) කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.
ඇමරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයක් සඳහා සහභාගී වීමට විදෙස්ගතවීම සඳහා රන්ජන් රාමනායක කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහුට විදෙස් ගමන් තහනමක් පැවතීම නිසා නැවත හරවා යෑවීමට කටයුතු කළ බවයි, කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන ඒකකය සඳහන් කර තිබුණේ.
කෙසේවෙතත් කෝරෝනා සමයේ සහල් බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක් පනවා තිබූ බවත් එම නඩුව හා විදෙස් ගමන් තහනම මේ වන විට ඉවත්කර ඇති බවත් රන්ජන් රාමනායක මහතා මෙහිදී ප්‍රකාශ කර තිබුණා.
එසේ විදෙස් ගමන් තහනම ඉවත්කරනු ලැබූවත් ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනයන් දැනුවත් කර නොතිබීම නිසා මෙම තත්වය ඇතිවූ බවයි රන්ජන් රාමනායක වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…