දේශීය

රටින් පිට වීමට ගිය රන්ජන් රාමනායක යළි හරවා එවයි

විදෙස් ගතවීමක් සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නැවත හරවා යෑවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඊයේ (27) කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

ඇමරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයක් සඳහා සහභාගී වීමට විදෙස්ගතවීම සඳහා රන්ජන් රාමනායක කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහුට විදෙස් ගමන් තහනමක් පැවතීම නිසා නැවත හරවා යෑවීමට කටයුතු කළ බවයි, කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන ඒකකය සඳහන් කර තිබුණේ.

කෙසේවෙතත් කෝරෝනා සමයේ සහල් බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමක් පනවා තිබූ බවත් එම නඩුව හා විදෙස් ගමන් තහනම මේ වන විට ඉවත්කර ඇති බවත් රන්ජන් රාමනායක මහතා මෙහිදී ප්‍රකාශ කර තිබුණා.

එසේ විදෙස් ගමන් තහනම ඉවත්කරනු ලැබූවත් ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනයන් දැනුවත් කර නොතිබීම නිසා මෙම තත්වය ඇතිවූ බවයි රන්ජන් රාමනායක වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

7 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago