Tuesday, July 28, 2026
Homeදේශීයත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය දෙගුණයක් කිරීමට පියවර

ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය දෙගුණයක් කිරීමට පියවර

වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ වලට සතියක කාලයක් සඳහා Q.R ක්‍රමය යටතේ දැනට නිකුත්කරන ඉන්ධන ලීටර් 05ක ප්‍රමාණය ලීටර් 10ක් දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

මෙහි පළමු අදියර සඳහා ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීම එළඹෙන නොවැම්බර් 01 දා බස්නාහිර පළාතෙන් ආරම්භ කිරීමට නියමිතයි.

නොවැම්බර් 06 වනදා සිට 13 වනදා දක්වා දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ත්‍රීරෝද රථ නව ඉන්ධන ප්‍රමාණය සඳහා ලියාපදිංචි කිරීම ආරම්භ කරන අතර, නොවැම්බර් 13 වනදා ඉන් පසු දිවයින පුරා ත්‍රී රෝද රථ සඳහා වැඩි කළ ඉන්ධන කෝටාව නිකුත් කිරීම සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර තිබුණා.

READ:   පුත්තලම කුරුණෑගල මාර්ගයේ දී දුම්රියක එන්ජිමක් ගිනිගනී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්