දේශීය

සිරකරුවන් අට දෙනෙකුට ජනපති සමාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා‍‍වේ අධිකරණයකින් වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාව ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගතව සිටින දෙමළ සිරකරුවන් 08 දෙනෙකුට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා.

දෙමළ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා සමග සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගැනුණු අතර ඊට ප්‍රථම ඔවුන් පිළිබඳව පූර්ව තොරතුරු අධීක්ෂණයක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සිදු කර ඇත.

එම එකඟතා වාර්තාව පිළිබඳ අධිකරණ අමාත්‍යවරයාගෙන් හා ඔහු මගින් නීතිපති වීමසීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ තිබේ.මෙම දෙමළ සිරකරුවන් අතරින් තිදෙනෙක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඝාතනය කිරීමට තැත් කිරීමේ චූදිතයින් බවට පත්වී බන්ධනාගාරගත වූ රැඳවියන් තිදෙනෙකි.

ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගෙන් විමසා එම එකඟතාවය ද සහිතව නිදහස් කිරීම සඳහා අවශ්‍ය මූලික පසුබිම සකසා ඇත.

ඒ අනුව, ඉදිරියට ගෙවීමට ඇති දඬුවම් කාලය අඩු කිරීම යටතේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ රැඳවියන් 04 දෙනෙක් නිදහස් කිරීමට කටයුතු කර ඇත.තවත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ දෙමළ රැඳවියන් ‍දෙදෙනෙකු ඔවුන් විසින් අභියාචනාධිකරණයේ ගොනුකර ඇති නඩු එම රැඳවියන් විසින්ම ඉල්ලා අස් කර ගැනීමෙන් පසු නිදහස් කිරීමට නියමිත අතර තවත් දෙමළ සිරකරුවන් දෙදෙනෙකුට ජනාධිපති සමාව යටතේ නුදුරේදීම නිදහස හිමිවීමට නියමිතය.

වසර 30ක සිර දඬුවම් හිමිව වසර 22ක් දඬුවම් විඳ ඇති සිරකරුවන් තිදෙනෙකු, වසර 11ක සිර දඬුවම් හිමිව දැනට වසරක් 14ක් සිර දඬුවම් විඳි එක් අයෙක්, වසර 10ක සිර දඬුවම් හිමිව එහෙත් වසර 14ක් බන්ධනාගාරගතව සිටි එක් අයෙකු, වසර 05ක සිර දඬුවම් කාලයක් වෙනුවෙන් වසර 14 ක් බන්ධනාගාරවගතව සිටි දෙදෙනෙකු සහ වසර 19ක සිර දඬුවම් හිමිව මේ වන විට වසර 11ක් බන්ධනාගාරව සිටි එක් අයෙකු මේ අතර වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය

Recent Posts

ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන අද රාත්‍රී මෙරටට??

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…

21 hours ago

නීතිඥ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ජනපති සිදුකළ කතාව full speech

මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…

2 days ago

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…

3 days ago

“මගේ අම්මා යාපනයේ” – විජයගේ පුත් ජේසන් සංජේ ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල් සම්බන්ධය හෙළි කරයි

ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…

5 days ago

Rosamund Pike Visits Sri Lanka as Country Marks Clearance of One Million Landmines

Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…

6 days ago

රොසමුන්ඩ් පයික් ශ්‍රී ලංකාවේදී බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් නිරීක්ෂණයට

වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…

6 days ago