දේශීය

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත පිලිබඳව කෝප් කමිටුවෙන් නියෝගයක්

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත යාවත්කාලීන කොට එහි ක්‍රියාකාරීත්වය ප්‍රතිව්‍යුහගතකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා වෙත නිර්දේශ කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පසුගිය දා සිදු කරන ලදී.

මේ අනුව සති 6ක් ඇතුළත මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ කෝප් කමිටුවට වාර්තාවක් ලබාදීමට ද නිර්දේශ කළේය.

මෙම නිර්දේශ සිදු කළේ ඉඩම් ප්‍රතිසංසකරණ කොමිෂන් සභාවේ 2020 වර්ෂය සඳහා වූ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (21) දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී කෝප් කමිටුව විසින් නිර්දේශ කිහිපයක්ම එම කොමිෂමට ලබාදුන් අතර එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ පරීක්ෂාකර බැලීමට ඉඩම් ප්‍රතිසංසකරණ කොමිෂන් සභාව නැවත මාස 3ක් ඇතුළත කෝප් කමිටුවට කැඳවීමට තීරණය කළේය.

මෙහිදී මෙම කොමිෂන් සභාව ඉඩම් පැවරීමේදී පවතින ගැටළු කෝප් කමිටුවට නිරීක්ෂණය වූ අතර මේ අනුව පසුගිය වසර 20ක කාලසීමාව තුළ ඉඩම් පැවරීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් වාර්තාවක් මසක් ඇතුළත කෝප් කමිටුවට ඉදිරිපත් කිරීමට කෝප් කමිටු සභාපතිවරයා විසින් නිර්දේශ කරන ලදි.

එසේම ඉඩම් හඳුනාගැනීම සහ වටිනාකම ඇස්තමේන්තුගත කිරීම සඳහා කාර්යසාධන බලකායක් පිහිටුවීමට කෝප් කමිටුව නිර්දේශ කළ අතර එම කාර්යසාධන බලකායට පැවරෙන වගකීම් පිළිබඳ විස්තර අමාත්‍යාංශ ලේකම් විසින් සති දෙකක් ඇතුළත කෝප් කමිටිවට වාර්තා කිරීමට නිර්දේශ කළේය.

මෙම කාර්යසාධන බලකාය සඳහා මැනුම්පති හෝ ඔහුගේ නියෝජිතයෙක් එසේම රජයේ තක්සේරුකරු හෝ ඔහුගේ නියෝජිතයෙක් පත් කිරීමට ද කෝප් කමිටුව නිර්දේශ කළේය.තවද “2018 ඉඩම් කැබලි දසලක්ෂයක් බෙදාදීමේ ව්‍යාපෘතිය” පිළබඳව ද කෝප් කමිටුවේදී සාකච්ඡා වූ අතර මෙහි ප්‍රගතිය පිළිබඳ සවිස්තර වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නිර්දේශ කළේය.

විශේෂයෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා තාවකාලික පදනම මත බඳවාගත් 214 දෙනෙකු පිළිබඳ කළමනාකරණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කොට අනුමත සේවක සංඛ්‍යාවට ඇතුළත් කරගැනීම පිළිබඳ නිෂ්චිත අවසන් තීරණයක් ගෙන අවශ්‍ය නම් අමාත්‍යමණ්ඩල අනුමතිය සඳහා යොමු කිරීමට ද මෙහිදී නිර්දේශ කළේය.

එසේම ඉඩම් බෙදාදීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් තුළට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ක්‍රියාපටිපාටිය ඇතුළත් කොට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ද කෝප් කමිටුව මෙහිදී නිර්දේශ කළේය.තවද වසර 50ක් පැරණි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත වර්තමානයට ගැලපෙන ආකාරයෙන් යාවත්කාලීන කිරීමටද මෙහිදී කෝප් කමිටුව නිර්දේශ කිරීම සිදු විය.

එසේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ආරම්භ කළ දැනට රුපියල් මිලියන 350ක් වියදම් කොට තාවකාලිකව නවතා ඇති කාබනික පොහොර ව්‍යාපෘතිය පොහොර නිෂ්පාදන පිළිබඳ දැනුමක් ඇති රාජයේ ආයතනයකට පැවරීමට සති දෙකක් ඇතුළත කටයුතු කරන ලෙස ද කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදි.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අතුරුදහන් වූ ලිපිගොනු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර අතුරුදහන් වූ ලිපිගොනු ලේඛන විගණකාධිපතිතුමාවෙත වහාම ඉදිරිපත් කරන ලෙසද කෝප් කමිටුව එම කොමිෂන් සභාවට දැනුම් දීම මෙහිදී සිදු විය.

ව්‍යවස්ථාපිත පැවරීම් යටතේ කලින් හඳුනාගෙන ඇති ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳීම පිළිබඳ වහාම කිටයුතු කිරීමටද මෙහිදී කෝප් කමිටුව නිර්දේශ කළේය.එසේම මෙම කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපති මතයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වර්ෂ 10ක පමණ කාලයක සිට වියාචනය කර ඇති බැවින් මූල්‍ය ප්‍රකාශන නිවැරදිව සකස් කොට වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට මාස 3ක් ඇතුළත කටයුතු කරන ලෙස ද මෙහිදී දැනුම්දීම සිදු විය.

එසේම පූර්ණ ඒකාබද්ධ පරිගණක පද්ධතියක් නිර්මාණයකිරීම සහ සංවර්ධනය කිරීම වෙනුවෙන් පෞද්ගලික පරිගණක ආයතනයක් වෙත ගෙවන ලද රුපියල් මිලියන 17ක මුදල නැවත අයකරගැනීම සඳහා අදාළ සමාගමට එරෙහිව කටයුතු කරන ලෙස සහ එම කටයුත්තට සම්බන්ධ නිලධාරීනට විරුද්ධව විනයානුකූල පියවර ගැනීමටද කෝප් කමිටුව නිර්දේශ කළේය.

තවද හෝමාගම ප්‍රදේශයේ බදු ඔප්පුවක් නොමැතිව පෞද්ගලික සමාගමකට පවරා ඇති අක්කර 6ක ඉඩම් ප්‍රමාණය වෙනුවෙන් අයකරගත යතු රුපියල් මිලියන 12කට ආසන්න මුදල අයකරගැනීම සඳහා සති දෙකක් ඇතුළත නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසද කෝප් කමිටුව නිර්දේශ කළේය. එ් සඳහා ගිවිසුම් ගත නොවීම සහ තක්සේරු විටනාකමෙන් 6% වෙනුවට 4% ක් අයකිරීම වෙනුවෙන් පරීක්ෂාකර කෝප් කමිටුව වෙත වාර්තා කිරීමටද මෙහිදී දැනුම් දීම සිදු විය.

අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනිව කුලී ගිවිසුමකින් තොරව 2016 වර්ෂයේ සිට රජයේ තක්සේරුව ඉක්මවමින් මෙම කොමිෂමේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල කුලියට ගැනීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීම සහ එම කාර්යාලය රජයේ ගොඩනැගිල්ලකට ගෙනයාම සඳහා කඩිනමින් පියවර ගැනීමටද මෙහිදී කෝප් කමිටුව විසින් නිර්දේශ කරන ලදි.

තවද වැටුප් දෙකක් ලබාගත් නීතිඥයෙක් වන විමර්ශන නිලධාරියෙක් සම්බන්ධයෙන් අදාළ ආයතන විමසා මිලියන 1.7 ක වැටුප් සහ අනෙකුත් දීමනා අයකරගැනීමට කටයුතු කිරීමට ද, එම නිලධාරියාට විරුද්ධව කටයුතු කිරීමටද මෙහිදි නිර්දේශ කළේය.

එසේම රජයේ ආයතන වලින් අය කර ගතයුතු හිගබදු ආදායම වන බිලියන දෙකක මුදල සම්බන්ධයෙන් අදාළ ආයතන සමග සහ මහා බාණ්ඩාගාරය සමග සාකච්ඡා කර කඩිනමින් නිරවුල් කිරීමට කටයුතු කරන ලෙස ද මෙහිදී නිර්දේශ විය.

රජයේ මාධ්‍ය නිවේදනය

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

2 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

2 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

1 week ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago