කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රුපියල් කෝටි 20 සිට 50 දක්වා 150% කින් වැඩි කර ඇති බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
පසුගිය අගෝස්තු 01 වනදා දක්වා ක්‍රියාත්මක වූ වාර්ෂික කැසිනෝ බද්ද එලෙස ඉහළ දමා ඇති අතර මීට අමතරව ඔට්ටු සහ සූදූ සඳහා වන බදු මුදල් වැඩිකිරීමේ අරමුණින් ඔට්ටු සහ සූදු පනත සංශෝධනයට ලක් කර ඇති බව සඳහන්.
1 . කැසිනෝ ලියාපදිංචි ගාස්තුව සහ කැසිනෝ ශාලාවකට ඇතුළුවීමේදී ගාස්තුවක් අයකිරීම.
2 . සජීවි ඔට්ටු මධ්‍යස්ථාන සඳහා රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද ලක්ෂ 10ක් දක්වා වැඩි කිරීම.
3 . පිරිවැටුම මත අයකරන 10% ක බද්ද 15% දක්වා වැඩි කිරීම.
- ඔට්ටු උප නියෝජිත වාර්ෂික බද්ද මිලියන 4 සිට 5 දක්වා වැඩි කිරීම.
- සජීවි නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000 සිට 75,000 දක්වා වැඩි කිරීම.
ආදී කැසිනෝ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන බදු අයකිරීම් ඉහළ දමමින් නව බදු සංශෝධනයන් සිදු කර තිබෙනවා.



