හෙට (25) දිනයේදී අර්ධ සුර්යග්‍රහණයක් සිදුවීමට නියමිත ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය විසින් නිවේදනය කරනවා.
මෙම සුර්යග්‍රහණය හෙට පස්වරු 5.43 සිට පස්වරු 5.52 දක්වා අතර කාලය තුළ කොළඹ ප්‍රදේශවලදී නිරීක්ෂණය කිරීමට හැකියාව පවතිනවා. පස්වරු 5.49 කාලය සුර්යග්‍රහණයේ උපරිම ග්‍රහණ අවස්ථාව ලෙස දිස්වෙන අතර යාපනය ප්‍රදේශයට හෙට සිදුවෙන අර්ධ සූර්යග්‍රහණය විනාඩි 22ක කාලයක් දිස්වෙන බවයි සඳහන් වන්නේ.
මෙම අර්ධ සූර්යග්‍රහණය මෙරට දකුණු ප්‍රදේශ වලට සුළු වශයෙන් පමණක් දැකගැනීමට හැකි වෙනු ඇති බව සඳහන්.



