Thursday, April 23, 2026
Homeදේශීය" ලීසින් ආයතන හා මහ බැංකුව අතර ඩීල් එකක් " - ප්‍රවාහනකරුවන්ගේ...

” ලීසින් ආයතන හා මහ බැංකුව අතර ඩීල් එකක් ” – ප්‍රවාහනකරුවන්ගේ සංගමය (VIDEO)

ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියැලෙන්නන් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් අද (24) සංවිධානය කර තිබුණා.

ඉන්ධන අර්බුදය තිබියදීත් ප්‍රවාහන කටයුතු වල නියැලුණු ප්‍රවාහන කරුවන් ඉන්ධන සීමා කිරීම සහ ලීසිං ආයතන මගින් සිදුකරන බලපෑම් නිසා දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ දී සිටින බව ඒකාබද්ධ ප්‍රවාහන සංගමයේ සභාපති සම්පත් රණසිංහ පවසනවා.

තම රථ වාහන අත්පත්කර නොගන්න යැයි මහ බැංකුව විසින් ලීසිං අයතනවලට දැනුම් දී තිබියදී ලීසිං ආයතන විසින් වාහන අත්පත්කරගැනීමට කටයුතු කරන බව එතුමා පවසනවා.

ඉන්ධන අර්බුදයත් වාරික ගෙවා ගැනීමට නොහැකි වීමත් ලීසිං ආයතනවල ක්‍රියාකලාපයත් නිසා අද ප්‍රවාහනකරුවන්ට ජීවත් වීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවයි පෙන්වා දෙන එතුමා, මහ බැංකුව විසින් ලීසිං ආයතන දැනුවත් කළ බව කීවද, මහ බැංකුව සහ ලීසිං ආයතන අතර යම් ඩීල් එකක් තිබෙන බවට සාධාරණ සැකයක් මතුව ඇති බව ප්‍රකාශ කළා.

මෙහිදි ලීසිං වාරික ගෙවනන්ගේ සංගමය වෙනුවෙන් අදහස් දැක්වූ අසංක පොතු පිටිය මහතා ප්‍රකාශ කර සිටියේ,

ලීසිං වාරික ගෙවීම පැහැර හැර ඇත්නම් ලිපියක් මගින් දැනුම් දී නිත්‍යානුකූල පියවරවලින් පසු වහානයක් අත්පත් කරගන්නවා වෙනුවට ලීසිං ආයතන සහ පොලිස් නිලධාරීන් එක්ව නිවෙස් වලට පැමිණ වාහන හිමියන්ට බලකර සිටින බවයි. පොලිසියට එවැනි සාධාරණ අයිතියක් නැති බව පෙන්වා දෙන එතුමා නැවතත් අරගලයට යන ගමනක් තුළින් මෙරට ආර්ථිකය බරපතලව තවදුරටත් කඩාවැටීමට ඉඩ ඇති බව පවසනවා.

ලීසිං ආයතන මගින් මහ බැංකුවේ නිලධාරීන්හට විදෙස් සංචාර ලබා දී තිබෙන බව පවසන එතුමා ශ්‍රී ලංකා පොලීසිය ලීසිං ආයතන මගින් ලබාදෙන සන්තෝසම් වලට අනුව හැසිරෙන බවත් ප්‍රකාශ කළා.

මෙහිදී තවදුරටත් දැක්වූ අදහස් කිහිපයක් පහතින්,

සංජය මහවත්තගේ

ලීසිං වාරික සම්බන්ධ ගැටලුවල ජිවිත දෙකක් නැති වී තිබෙනවා. මිරිහානේදී සුනිල් සහෝදරයා ඝාතනය හා මහනුවර ජාලිය සහෝදරයා ඝාතනය එම නිසා වහාම මෙම මාෆියාව නවත්වන්න. එසේ නොවුණහොත් අපේ අතින් සීසර් වරයෙකු මිය යයි. නැතහොත් සීසර් වරයෙකු අතින් අපේ කෙනෙකු මිය යයි. මේ තත්ත්වය ඇති වෙන්න දෙන්න එපා.

READ:   කොළඹ අඩු ආදායම්ලාහීන්ට චීනයෙන් හිසට සෙවනක්..

සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල් මල් ශ්‍රි ද සිල්වා

අපිට අද ජීවත් වෙන්න බැරි වෙලා තිබෙනවා. එක එක ලියවිලි ඉදිරිපත් කරමින් ලීසින් ආයතන අපිව අසරණ කරනවා. මහ බැංකුව මේවට නිහඬව ඉන්නවා. මෙහෙම අපිට සලකනවා නම් අපි කියන්නේ කිසිම කෙනෙක් ඡන්දය ඉල්ලන්න එන්න එපා. අපි ගහලා පන්නනවා ලීසින් ආයතන හා මහ බැංකුව අතර ඩීල් එකක් යනවා. හැබැයි මේ විදිහට ගියොත් අරගලයට වඩා එහා ගිය විදිහකින් අපි පාරට බහිනවා.

RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්