දේශීය

මැතිවරණ ඔස්තාර්ට සීමානිර්ණය බැරිද? – රජිත් කීර්ති තෙන්නකෝන්

වත්මන් පළාත් පාලන ආයතන 2023 මාර්තු 20 දින විධිමත් හා නිත්‍යානුකූල ලෙස බලාත්මකය. ‘ඡන්දය කල් දමන බවට‘ රටේ මතයක් හදන්නට පක්ෂ කිහිපයක් උත්සහ කරති. 2021 සැප්තෑම්බර් සිට 2022 ජනවාරි දක්වා ඡන්දය කැඳවීමේ තමන්ට හිමිවී තිබූ නිත්‍යානුකූල අවස්ථාව අතහැර දැමූ මැතිවරණ කොමිසම ද දැන් නැති බිල්ලෙක් මවන්න සුදානම් වේ.

2018 මාර්තු ස්ථාපනය කළ පළාත් පාලන ආයතනවල නිල කාලය 20212 මාර්තු අවසන් වීමට නියමිතව තිබුණි. එදා දේශපාලන බලවතාගේ අනුග්‍රහය එයට නොලැබුණි. 2022 ජනවාරි මාසයේ එවකට සිටි අමාත්‍යවරයා පළාත් පාලන කාලය කාලය වසරකින් දීර්ඝ කළේය. ඊලඟ ඡන්දය නියමිතව ඇත්තේ 2023 මාර්ත හෝ අප්‍රේල් ය. මැතිවරණ කොමිසමට 2021 සැප්තෑම්බර් ඡන්දය කැඳවා අවශ්‍ය නම් 2022 ජනවාරි ඡන්දය තැබිය හැකිව තිබුණි. එදා රට බංකොලොත් නැත. කෝවිඩ් ද නැත. ඉන්ධන පෝලිම් ද, විදුලි කප්පාදු ද තිබුණේ නැත. වත්මන් සියළු කොමිසන් සභා නිදාගන්නෙත්, ඇහැරෙන්නෙත් ‘කේජු කෑල්ල කටින් ගත්
මිහිරි කුරුළු නාදයට‘ අනුවයි.

අද රටේ සියළුම කොමිසන් සභා ක්‍රියාත්මක වන්නේ ‘ලොස් ඇන්ජලීස් සිට නැගෙන මිහිරි කුරුළු නාදයට‘ ය. දළ ගලවලා, අං කපලා හීලෑ කරන තියෙන කොමිෂන් සභා යටතේ ඡන්දය තියන්න අවශ්‍ය පිරිසට එයින් සිදුවන හානිය හෝ ප්‍රතිඑලය ගැන කිසිදු අවබෝධයක් නැත.
ලක්ෂ හතරක් තරුණයිට මොකද වෙන්නේ?

2022 පෙබරවාරි 1 පටන් ගත් වයස 18 ට අඩු තරුණයින් ලියාපදිංචිය අගෝස්තු 1 වන විට අවසන් කළ හැකිව තිබුණි. මෙවර වෙනදා මෙන් ගෙයින් ගෙට ගොස් ඡන්ද කොළ පිරවීමක් නොවීය. එවිට සැප්තෑබ්බර් 1 ට ඡන්ද පොත සහතික කළ හැකිව තිබුණි. අද ඡන්දයක් තිබ්බොත් අරගලයට සම්බන්ධ වුණ, නායකත්වය දුන්න අවු. 18 සහ 19 තරුණ පිරිසෙන් ලක්ෂ හතරකට ඡන්ද අයිතිය අහිමි වන බව කියවේ. මෙය සත්‍යයක් විය නොහැකිය. මන්ද වසරකට අලුත් ඡන්ද ඇත්තේ ලක්ෂ දෙකක් පමණී. 2021 ජූනි 1 සිට 2022 ජූනි 1 දක්වා වයස 18 සම්පූර්ණ වූ තරුණයින් 150,000 කට ආසන්න පිරිස මේ වන විට ලියාපදිංචි කර තිබිය යුතුය. එය සිදු කර නොමැති නම් එහි වගකීම වත්මන් මැතිවරණ කොමිසම ගත යුතුය. රටේ තීරණ ගැනීමේ අයිතිය තරුණයින්ට ලැබිය යුතුයි. තරුණ කෝටාව, ජාතික සභා තරුණ නියෝජනය, ජන සභාවට මේ සියල්ලම තරුණයින්ට දොර අරින්නටය. ඡන්ද ලැයිස්තුවට තරුණ නම් ඇතුලත් කිරිම මැතිවරණ කොමිසමමේ වගකීමකි.
අමතක කළ ඡන්ද සංශෝධන යෝජනාව දිනේෂ් ගුණවර්ධන මහතා ගේ සභාපතීත්වයෙන් වූ ඡන්ද ක්‍රම සංශෝධනය පිළිබඳ රීම් කාරක සභා වාර්තාව එය හදපු කමිටුවම විසින්ම පරාජය කළේය. එයට මම මාගේ උපරිම දායකත්වය පාර්ලිමේන්තුව වෙත ලබාදුනිමි. සජබ, මු.කො., ජවිපෙ, ද්‍රජාස එය පරාජය කළ නමුත් තමන්ගේ විකල්ප යෝජනාව ඉදිරිපත් කළේ නැත.

වත්මන් පළාත් පාලන ඡන්ද ක්‍රමය ඛෙදවාචකයකි. විකාර රූපී ඡන්ද ක්‍රමයකි. මුදල් නාස්තියකි. විපක්ෂයට කාන්තා සභිකාවියන් බහුතරයක් බලහත්කාරයෙන් පටවා ක්‍රියාකාරී විපක්ෂයක් නැති කරන අසාධාරණ ක්‍රමයකි.

පළාත් පාලනයේ විසඳිය යුතු ගැටළු කිහිපයකි.

  1. සභිකයින් 8711 ක් වන සංඛ්‍යාව 4500 ට බැරිනම් 5000 ට වත් අඩු විය යුතුය. මන්ද, සභිකයින්ට වැටුප් හා දීමනා ගෙවන්නවත් ආදායම් නැති ආයතන 38 ක් ඇති නිසාය.
  2. කාන්තා නියෝජනයේ පීඩණයෙන් විපක්ෂය ගැලවිය යුතුය. උදාහරණයකට මොණරාගල එජාපයේ කොට්ඨාශ දිනපු කාන්තාවෝ එක් අයෙකි. පුරුෂයින් 19 ක් ලැයිස්තුවෙන් නම් කරන විට, එජාපයට කාන්තාවන් 28 ක් පත් කරන්නට සිදු විය. මොණරාගල පොහොට්ටුවේ මුළු මන්ත්‍රී සංඛාව 114 කි. පත්කළ එක් මන්ත්‍රීවරියක් පමණී. ත්‍රිකුණාමලයේ පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය සභාවේ කාන්තා නියෝජනය 67% ක් එජාපයේ ය. පොහොට්ටුවේ 10% කි. සභාවේ කාන්තාවන් පිරවෙන්නේ පරාජිතයාගෙනි. කාන්තා නියෝජනයේ පදනම විපක්ෂයට බර පටවමින් මුළුමනින්ම විනාශ වී ඇත.
  3. 2018 දී ඉවත් කළ තරුණ කෝටාව නැවත ගෙන ආ යුතුය. දිස්ත්‍රික්ක සංවර්ධන සභාව, තරුණ කෝටාව තුලින් 38 කට වැඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිහිවිය. එම අවස්ථාව නැවත ඇති කළ යුතුමය.
  4. මනාප ක්‍රමය නැති ඡන්ද ක්‍රමයක් රටම ඉල්ලන ඡන්ද වෙනසකි. එය අවශ්‍යමය.
  5. කොට්ඨාශ සඳහා අතුරු මැතිවරණ පැවැත්වීමත්, දුෂිතයන් එළවීම එනම් දුෂණ චෝදනා එල්ල වූ සභිකයින් නැවත කැඳවීමේ ක්‍රමයක් (සභික ධූරය අහිමි කිරීම) පළාත් පාලන ඡන්ද ක්‍රමයට ඇතුළත් කළ යුතුයි. පළාත් පාලනයේ බැරි දුෂිත මන්ත්‍රීවරුන් ඉවත් කිරීම නැතිනම් කවදාවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කළ නොහැකි වනු ඇත.
    දැන් මේ යෝජනා 5 ම අතහැර පිරිසක් පළාත් පාලන ඡන්දය තියන්නට විපක්ෂයේ මන්ත්‍රීවරු මහජන පෙත්සම් අත්සන් කරන්නට යෝජනා කරති! ඡන්ද කල් දානවෝ, ඡන්ද කල් දානවෝ කියති.
    2015 පාර්ලිමේනත්තු ඡන්දය, 2018 පළාත් පාලන ඡන්දය, 2019 ජනාධිපතිවරණ, 2020 පාර්ලිමේන්තු මැතිවරණය ලංකා ඉතිහාසයේ පැවති නිදහස් ම හා සාධාරණම මැතිවරණ බව අවිවාදාත්මක ය. එය සිය සිදු වූවේ එදා පැවති ස්වාධීන කොමිසන් සභා නිසාය. 22 මගින් නැවත ඒ ස්වාධීන්තවය කොමිෂන් සභා වෙත ලබා දී ඡන්දය පැවැත්විය යුතුය.
    සීමා නිර්ණය ගොනී බිල්ලා
    තවලිංගම් මහතා ගේ සීමා නිර්ණය කොමිසම මාස 3 කින් ද, අශෝක පීරිස් මහතා ගේ කමිටුව මාස 6 – 7 කින් ද, සීමා නිර්ණය කළේය. යෝජිත පළාත් පාලන ආයතන 22 ක නීමා නිර්ණය දින දෙකකින් අවසන් කළ (උදා. දකුණ) පළාත් සභා ද වේ. අද සීමා නිර්ණය කමිටුවේ සභාපති මැතිවරණ ඔස්තාර් මහින්ද දේශප්‍රිය මහතා ය. ඔහුට එය මාස 3 කින් කළ හැකි විය යුතුය.
    ලංකාවේ ආණ්ඩුකරණයේ දැවැන්ත වෙනස්කම් රැසක් පාමුල සිටී. ජාතික සභාව හදන්නට ගතවූවේ සති 3 කි. ජන සභා ලේකම් කාර්යාලය හදන්නට දින 38 කි. 22 ට හදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ගත වූවේ මාස 2 ½ කි. ඡන්ද ක්‍රමයේ වෙනසකට අවශ්‍ය කුඩා කාලයකි.
    1983 මැයි 18 හා 20 දිනවල එකවර ඇතුරු මැතිවරණ හා පළාත් පාලන ඡන්ද තිබූනේය. අවශ්‍ය නම් 2023 මාර්තු 20 න් පසු ඕනෑම දවසක පාර්ලිමේන්තු මැතිවරණය ද, පළාත් පාලන ඡන්දය ව්‍යවස්ථාවට අනුකූලව එකවිට පැවැත්විය හැකිය!
    අපේ රටට තෝරාගැනීම් දෙකක් තිබේ. එකක් දිගින් දිගටම මේ වැරදි, ඛෙදවාචකයක් වූ, විෂම ඡන්ද ක්‍රමය පවත්වාගෙන යා හැකිය. දෙවැන්න, කෙටි කලක් තුල (මාර්තු මාසයට පෙර) මේ දුෂ්ඨ ක්‍රමයේ මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු සකස් කර අවශ්‍ය නම් එකව වරම පාර්ලිමේන්තු හා පලාත් පාලන ඡන්දය පැවැත්විය හැකිය.
    පුද්ගලිකව මම පෙනී සිටින්නේ ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කර ගැනීම සඳහා මිස මේ දුෂ්ඨ ජරාජීර්ණ ක්‍රමය පවත්වා ගැනීමට නොවේ! ඡන්ද කල් දැමීමට ද නොවේ!!
    රජිත් කිර්ති තෙන්නකෝන්

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

10 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

11 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago