Sunday, April 19, 2026
Homeදේශීයසැප්තැම්බර් මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට

සැප්තැම්බර් මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට

2022 සැප්තැම්බර් මාසයට ආදාළ ජාතික මිල දර්ශකය ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

2022 සැප්තැම්බර් මාසය සඳහා ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 73.7% ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා ගෙවුණු අගෝස්තු මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය පැවතියේ 70.2% ක් ලෙසයි.

ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය, සැප්තැම්බර් මාසයේදී 85.8 % ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගෙවුණු අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 84.6% ක් ලෙස වාර්තා විය.

ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය, සැප්තැම්බර් මාසයේදී 62.8 % දක්වා ඉහල ගොස් ඇති අතර එය අගෝස්තු මාසයේදී එය 57.1 % ලෙස වාර්තා වී තිබුණි.

ඒ අනුව ගෙවුණු අගෝස්තු මාසයට සාපේක්ෂව මතුපිට අද්ධමනය, ආහරමය කාණ්ඩයේ සහ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය සැප්තැම්බර් මාසයේදී තවදුරටත් ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වනවා.

READ:   පොලිස් වෙඩි පහරින් ප්‍රංශයේ ගිනි ඇවිලෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්