Sunday, April 19, 2026
Homeදේශීයපෝෂණය වෙනුවෙන් ආගමික ස්ථානවල ආහාර බැංකු පිහිටුවීමට යයි

පෝෂණය වෙනුවෙන් ආගමික ස්ථානවල ආහාර බැංකු පිහිටුවීමට යයි

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීමට ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආහාර බැංකු හා ආහාර හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවීමට තීරණය කෙරේ.

ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුණු අතර එහිදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.ඒ අනුව ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය ප්‍රමුඛව දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් දිවයිනේ ග්‍රාම සේවා වසම් 14,022ම ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ආහාර හුවමාරු මධ්‍යස්ථාන මඟින් ප්‍රදේශවාසීන්ගේ අතිරික්ත ආහාර, ප්‍රදේශයේ පිහිටුවා ඇති ආහාර බැංකුවලට ලබාගෙන එම ආහාර ප්‍රදේශයේ ආහාර ඌනතාවක් ඇති පවුල්වලට බෙදා දීම සිදු කෙරෙයි.

එමෙන්ම මෙම ආහාර හුවමාරු මධ්‍යස්ථාන හරහා තම අතිරික්ත ආහාර තවත් ප්‍රදේශවාසීන්ගේ අතිරික්ත ආහාර සමග හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසෙන අතර එමගින් ආහාර අපතේ යාම ද වළක්වා ගත හැකිය.තම ප්‍රදේශවල සිටින ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලාට සහ සෙසු ආගමික නායකයින්ට ඇති බැවින් මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා ගෞරවනීය මහා සංඝරත්නයේ සහ සෙසු පූජක ප්‍රසාදීන් වහන්සේලාගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.

දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් හා සැලසුම් අධ්‍යක්ෂවරු මෙම සාකච්ඡාවට එක් වූ අතර දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් සහ විධිවිධානවලට අමතරව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති නව චක්‍රලේඛය අනුව ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සහ ඒවායේ සංවර්ධන සැලැස්ම සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

ජනාධිපති මාධ්‍ය අංශය

READ:   දෙහිවල සත්වෝද්‍යානයේ සිටි බෙංගාල ව්‍යාග්‍ර මව මිය යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්