Monday, July 27, 2026
HomeදේශීයBREAKING NEWS - ඉහළ දැමූ ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙනතුරු නොවෙනස්ව පවත්වාගෙන...

BREAKING NEWS – ඉහළ දැමූ ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙනතුරු නොවෙනස්ව පවත්වාගෙන යාමේ තීරණයක්..

උත්සව සමය නිමිත්තෙන් ඉහළ නැංවූ සතිපතා ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙනතුරු නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

පසුගිය 04 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව වැඩි කිරීමට විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය පියවර ගත්තා.

ඒ අනුව ත්‍රිරෝද රථයක් සඳහා ලීටර් 5 ක්ව පැවති ඉන්ධන කෝටාව ඉහළ දැමුණේ, ලීටර් 8 ක් දක්වායි.

යතුරු පැදි සඳහා වන ඉන්ධන කෝටාව ලීටර් 4 සිට 7 දක්වා ඉහළ දැමීමට පියවර ගත්තා.

බස් රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 40 සිට 60 දක්වා ඉහළ දැමුණු අතර මෝටර් රථ සඳහා පැවති ලීටර් 20 ක් වූ ඉන්ධන කෝටාව ඉහළ දැමුණේ ලීටර් 30 ක් ලෙසයි.

වෑන් රථ සඳහා ලීටර් 20 ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 30 ක් දක්වා ඉහළ කෙරිණ.

READ:   BREAKING NEWS: හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත රිමාන්ඩ්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්