දේශීය

මිලියන 292ක් වැය කළ සහල් ගබඩා තුළ සහල් සංචිත නොමැතිවීම ගැන කෝපා කමිටුවේ කනස්සල්ල

රට තුළ නිශ්චිත සහල් සංචිතයක් මෙතෙක් පවත්වා නොගෙන යෑම පිළිබඳව කෝපා කමිටුවේ අවධානයට ලක්ව තිබෙනවා.

සාර්ක් සංවිධානයේ කොළඹ ප්‍රඥප්තිය හා 16 වන සමුළුවට අනුවත් 2008/8/27 අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුවත් රට තුළ සහල් මෙට්‍රික් ටොන් 100,000කට අධික ප්‍රමාණයක් ආරක්ෂිත සහල් සංචිත වශයෙන් පවත්වාගෙන යා යුතුව තිබුණත් එලෙස නිශ්චිත සහල් ප්‍රමාණයක් සහල් ගබඩා තුළ නොතිබීම පිළිබඳව කෝපා කමිටුව විසින් ප්‍රශ්නකර සිටි බව වාර්තා වෙනවා.

වේයන්ගොඩ සහල් ගබඩා සංකීර්ණ තුළ විද්‍යාත්මක සහ ස්වභාවික ලෙස නවීකරණය කරන ලද සහල් ගබඩා 6ක්
තිබියදි, එම මධ්‍යස්ථානයන් නවීකරණය කිරීම සඳහා 2012 සිට 2019 වර්ෂය දක්වා රුපියල් මිලියන 292ක වැනි මුදලක් වැය කර තිබියදී රට තුළ නිශ්චිත සහල් සංචිතයක් මෙතෙක් ගබඩා කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් කෝපා කමිටුව, රජයේ ගිණුම් කාරක සහා රැස්වීම තුළදී ප්‍රශ්න කර තිබෙනවා.

මේ පිළිබඳ රජයේ නිවේදනය පහතින්,

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

40 mins ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

50 mins ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

58 mins ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

2 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

2 hours ago