දේශීය

මිලියන 292ක් වැය කළ සහල් ගබඩා තුළ සහල් සංචිත නොමැතිවීම ගැන කෝපා කමිටුවේ කනස්සල්ල

රට තුළ නිශ්චිත සහල් සංචිතයක් මෙතෙක් පවත්වා නොගෙන යෑම පිළිබඳව කෝපා කමිටුවේ අවධානයට ලක්ව තිබෙනවා.

සාර්ක් සංවිධානයේ කොළඹ ප්‍රඥප්තිය හා 16 වන සමුළුවට අනුවත් 2008/8/27 අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුවත් රට තුළ සහල් මෙට්‍රික් ටොන් 100,000කට අධික ප්‍රමාණයක් ආරක්ෂිත සහල් සංචිත වශයෙන් පවත්වාගෙන යා යුතුව තිබුණත් එලෙස නිශ්චිත සහල් ප්‍රමාණයක් සහල් ගබඩා තුළ නොතිබීම පිළිබඳව කෝපා කමිටුව විසින් ප්‍රශ්නකර සිටි බව වාර්තා වෙනවා.

වේයන්ගොඩ සහල් ගබඩා සංකීර්ණ තුළ විද්‍යාත්මක සහ ස්වභාවික ලෙස නවීකරණය කරන ලද සහල් ගබඩා 6ක්
තිබියදි, එම මධ්‍යස්ථානයන් නවීකරණය කිරීම සඳහා 2012 සිට 2019 වර්ෂය දක්වා රුපියල් මිලියන 292ක වැනි මුදලක් වැය කර තිබියදී රට තුළ නිශ්චිත සහල් සංචිතයක් මෙතෙක් ගබඩා කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් කෝපා කමිටුව, රජයේ ගිණුම් කාරක සහා රැස්වීම තුළදී ප්‍රශ්න කර තිබෙනවා.

මේ පිළිබඳ රජයේ නිවේදනය පහතින්,

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

21 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

21 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago