රට තුළ නිශ්චිත සහල් සංචිතයක් මෙතෙක් පවත්වා නොගෙන යෑම පිළිබඳව කෝපා කමිටුවේ අවධානයට ලක්ව තිබෙනවා.
සාර්ක් සංවිධානයේ කොළඹ ප්‍රඥප්තිය හා 16 වන සමුළුවට අනුවත් 2008/8/27 අමාත්‍ය මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුවත් රට තුළ සහල් මෙට්‍රික් ටොන් 100,000කට අධික ප්‍රමාණයක් ආරක්ෂිත සහල් සංචිත වශයෙන් පවත්වාගෙන යා යුතුව තිබුණත් එලෙස නිශ්චිත සහල් ප්‍රමාණයක් සහල් ගබඩා තුළ නොතිබීම පිළිබඳව කෝපා කමිටුව විසින් ප්‍රශ්නකර සිටි බව වාර්තා වෙනවා.
වේයන්ගොඩ සහල් ගබඩා සංකීර්ණ තුළ විද්‍යාත්මක සහ ස්වභාවික ලෙස නවීකරණය කරන ලද සහල් ගබඩා 6ක්
තිබියදි, එම මධ්‍යස්ථානයන් නවීකරණය කිරීම සඳහා 2012 සිට 2019 වර්ෂය දක්වා රුපියල් මිලියන 292ක වැනි මුදලක් වැය කර තිබියදී රට තුළ නිශ්චිත සහල් සංචිතයක් මෙතෙක් ගබඩා කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් කෝපා කමිටුව, රජයේ ගිණුම් කාරක සහා රැස්වීම තුළදී ප්‍රශ්න කර තිබෙනවා.
මේ පිළිබඳ රජයේ නිවේදනය පහතින්,




