බාලගිරි දෝෂයක්ව තිබූ විසි දෙවැනි සංශෝධිත පනත් කෙටුම්පත විරුද්ධ පක්ෂයේ සහයෝගය නිසා ඊයේ (21) සම්මත කරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.
වර්තමාන ජනාධිපතිවරයා පත්කිරීමට ඡන්දය ලබා දුන් පිරිස ඊයේ පාර්ලිමේන්තුවට නොපැමිණි බව පවසන මන්ත්‍රීවරයා ඇතැම් මන්තීවරුන් උදේ පාර්ලිමේන්තුවට පැමිණ පිටව ගිය බවත් ඇතැම් අය පාර්ලිමේන්තුව මඟහැරීම සඳහා මෙරටින් පිටව ගිය බවත් ප්‍රකාශ කළා.
ආණ්ඩුව විසින් ගෙන ආ සංශෝධනයට ආණ්ඩු පක්ෂය උදව් කරනවා වෙනුවට ඊට සහය දුන්නේ විපක්ෂය බව පවසන මන්ත්‍රීවරයා මෙමගින් ආණ්ඩු පක්ෂය තුළ විශාල දෙදරීමක් පවතින බව පෙනී යන බව ප්‍රකාශ කරනවා.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කණ්ඩායමේ සිටින මන්ත්‍රීවරුන් 25ක් පමණ විසිදෙකට සහයෝගය ලබා නොදුන් බව පවසන එතුමා අණ්ඩු පක්ෂයට ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්නයක්ව තිබූ බව පෙන්වා දෙනවා.
තමන් ඇතුළු පිරිස රට ගැන සිතා විසි දෙවන සංශෝධනයට සහය දුන් බවත් එහෙත් ඊයේ පාර්ලිමේන්තුව මඟ හැරිය පිරිස ඔළු හතේ බූරුවෝ ද, යන්න තමන් ඔවුන්ගෙන් ප්‍රශ්න කර සිටින බවත් එතුමා ප්‍රකාශ කළා.
මෙරටට තවදුරටත් සංශෝධනයන් අවශ්‍ය නැති බව පවසන ඩිලාන් පෙරේරා මෛත්‍රීවරයා බලය බෙදී යන සුළු ජාතීන්ගේ ඉල්ලීම් ඉටු වෙන නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව පවසනවා.
ඉක්මනින් පළාත් පාලන මැතිවරණයකට යා යුතු බව පෙනවා දෙන මන්ත්‍රීවරයා මැතිවරණ කල්දැම්මොත්, මර්ධනය ගෙන ආවොත් ඊට අවශ්‍ය කටයුතු සිදුකරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කර සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…